slc
logo
Home   |    News
අප්‍රේල් 15, 2021
බංග්ලාදේශ පිල 17 වැනිදා වැඩ අල්ලයි

sinhala editor

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගිවීම සඳහා මෙරටට පැමිණ සිටින බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සිය පළමු සහ ඒකම පුහුණු තරගය සඳහා ලබන 17 වැනිදා සහභාගිවනු ඇත. දෙදින තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය කටුනායක හලාවත මේරියන්ස් ක්‍ර්‍රීඩාංගණයේදී පැවැත්වේ.

විශේෂ ගුවන් යානයක් මගින් අප්‍රේල් 12 වැනි දින දිවයිනට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම දින කීපයක් නවාතැන් ගෙන සිටින හෝටලයේදී දින කීපයක් නීරෝධායනය වීමෙන් පසු මෙම තරගයට සහභාගිවනු ලබන අතර ඊට පසුව මහනුවර බලා පිටත්ව යෑමට නියමිතය.

මොමිනුල් හක්ගේ නායකත්වයෙන් යුතුව මෙරටට පැමිණ සිටින බංග්ලාදේශ කණ්ඩායම ක්‍රීඩකයින් 21 දෙනෙකුගෙන් සමන්විත වේ. මෙම තරගාවලිය මීට පෙර ඉකුත් 2020 වසරේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් යන මාස වලදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ නමුත්, කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට සිදුවිය. තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 2 ම මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය අප්‍රේල් මස 21 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වෙන අතර දෙවැනි ටෙස්ට් තරගය අප්‍රේල් 29 වැනිදා සිට මැයි 03 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee