slc
Home   |    News
මැයි 12, 2021
එක්දින කණ්ඩායමේ නායකත්වය කුසල් පෙරේරාට

sinhala editor

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා කුසල් පෙරේරා නම් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. කුසල්ගේ උප නායකයා ලෙස තරුණ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් නම් කර තිබේ.

2023 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට වඩාත් ආක්‍රමණශීලී කණ්ඩායමක් සකස් කර ගැනීමේ මූලික අරමුණ ඇතිව නම් කරන ලද මෙම කණ්ඩායමේ සියල්ලෝම තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විත වේ.

නායකත්වයට පත් කුසල් පෙරේරා මීට පෙර ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙසින් කටයුතු කොට නොමැත. ඔහු ඉකුත් එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේදී කැන්ඩි ටස්කර්ස් පිලේ නායකයා ලෙසින් කටයුතු කළේය. බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද මෙම කණ්ඩායමට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් වේ.

කණ්ඩායමට අලුතින්ම එකතුව සිටින්නේ බිනුර ප්‍රනාන්දු සහ ශිරාන් ෆර්නෑන්ඩු දෙදෙනාය. වේග පන්දු යවන්නකු වන බිනුර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් විස්සයි-20 තරගයකට ක්‍රීඩා කර තිබේ.  දකුණතින් මඳ වේග පන්දු යවන ශිරාන් ප්‍රනාන්දු පළමු පෙළ තරග 18 කදී කඩුලු 43 ක්ද පළමු පෙළ එක්දින තරග 19 කදී කඩුලු 24 ක් බිඳ හෙළා තිබේ. 28 හැවිරිදි ශිරාන් අවසන් වුණු දේශීය තරග මාලාවේදී ටැමිල් යුනියන් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ. එම තරගාවලියේදී තරග 6 කට ක්‍රීඩා කළ ශිරාන් කඩුලු 14 ක් බිඳ හෙළීමට සමත්විය.

 ජාතික කණ්ඩායමට නම් කිරීමට පෙර ශිරාන් 2019 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති නැගී එන කණ්ඩායම් අතර වූ ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට වරම් ලැබුවේය.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබී ඇති ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ලබන 16 වැනිදා බංග්ලාදේශයට බලා පිටත්ව යනු ඇත.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම – කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, දසුන් ශානක, අෂේන් බණ්ඩාර, වනිඳු හසරංග, ඉසුරු උදාන, අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල, දුෂ්මන්ත චමීර, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest