slc
Home   |    News
මැයි 2, 2021
බංග්ලාදේශයට ලකුණු 437 ක ඉලක්කයක්

sinhala editor

Chamila Karawita reporting from Pallakele

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී දිවා ආහාරයෙන් මිනිත්තු 15 ක් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 194 ක් ලබා ඉනිම අත්හිටුවීය. පළමු ඉනිමේ ලද ලකුණු242 ක වාසියද සමඟ ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 437 ක ඉලක්කයක් ලබා ගත යුතු වන අතර ඒ සදහා සම්පූර්ණ දිනයකුත් සැසි එකහමාරක් ඉතිරිව තිබේ.

දිවා ආහාරයෙන් පසු තරගය අරඹා ගෙවී ගිය 15 වැනි මිනිත්තුවේදී තයිජුල් ඉස්ලාම් සිය පස්වැනි කඩුල්ල ලෙසින් සුරංග ලක්මාල්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම අත්හිටුවා බංග්ලාදේශ පිලට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන්නේය. දිවා විවේකයෙන් පසු තරගය ක්‍රියාත්මක කෙටි කාල සීමාවේදී සුරංග ලක්මාල්ට අමතරව වේගයෙන් පන්දුවට පහර දුන් නිරෝෂන් දික්වැල්ල සහ රමේෂ් මෙන්ඩිස් ද දැවී ගියහ.

දැවී ගිය කඩුලු 3 න් 2 ක්ම තමන් සතු කරගත් තයිජුල් ඉස්ලාම් දෙවැනි වතාවටත් සිය මව්බිමෙන් පිටතදී කඩුලු 5 ක් දවා ගත්තේය. ටස්කින් අහමඩ්ගේ පන්දුවකට එල්ල කරන ලද පුල් පහර තයිජුල් ඉස්ලාම් රැක ගැනීම නිසි නිරෝෂන් දික්වැල්ල ලකුණු 24 කට දැවී ගියේය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් යළිත් ක්‍රියාත්මක වුණු දිමුත් කරුණාරත්න අද උදෑසන සිය 26 වැනි අර්ධ ශතකය රැස් කර ගත්තේය. ටෙස්ට් තරග වලදී එතරම් වේගයෙන් පන්දුවට පහර දෙන පිතිකරුවකු නොවූවත් ඉක්මනින් ලකුණු රැස් කිරීමේ අවශ්‍යතාවය මත සිය පිත්ත වේගවත් කළ ශ්‍රී ලංකා නායකා හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමඟින් පන්දු 78 කදී ලකුණු 66 ක් ලබා ගත්තේය. ආබාධයෙක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණු ශොරිෆුල් ඉස්ලාම් වෙනුවෙන් පන්දු රැකීමට පැමිණි යසීර් අලීගේ අදහාගත නොහැකි උඩ පන්දු රැකීම නොවන්නට මීට වඩා ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවස්ථාව ශ්‍රී ලංකා නායකයාට හිමිවනු ඇත.

මෙහෙදි හසන්ගේ පන්දුවකට පා ඉන්න දෙසට වේගවත් පහරක් එල්ල කළද එය හිස්වැස්මක් පළඳමින් ෂෝට් ලෙග් ස්ථානයේ පන්දු රැකි යසීර් අලීගේ කකුලත් අතත් අතර හිර නොවන්නට පිට පිටම ඉනිම 3 කදී ශතක 3 ක් ලබා ගැනීමේ අවස්ථාව දිමුත්ට උදාවන්නට තිබිණ. දැවී යන විටත් දැනට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන්නන් අතරින් ප්‍රතිවාදී පිලකට එරෙහිව වැඩිම ලකුණු ලද පිතිකරුවා බවට පත්වීමට දිමුත් සමත්වූවේය. වර්තමාන ක්‍රීඩකයින් අතරින් ඇන්ජලෝ මැතිව්ස් පමණක් පාකිස්තානයට එරෙහිව 2013-14 වසරේදී ලකුණු 412ක් ලබා ලකුණු 400 සීමාව රැස් කර සිටියි. දිමුත් මෙම තරගාවලියේදී ඉනිම 3 කදී ලකුණු 428 ක් රැස් කිරීමට සමත්ව සිටියි.

ධනංජය ද සිල්වා සමඟ සිව්වැනි කඩුල්ලට එක්වූ දිමුත් ලකුණු 73 ක් රැස් කරමින් සිටියදී අතිරේක පන්දු යවන්නකු ලෙසින් පැමිණි සයිෆ් හසන්ගේ මංගල කඩුල්ල වශයෙන් දිමුත් පිටියෙන් ඉවත් විය.

බංග්ලාදේශ ටෙස්ට් ඉතිහාසයේදී කිසි දිනෙක ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයකද සිව්වැනි ඉනිමේදී පන්දුවාර 60 ක් ඉක්මවා පන්දුවට පහර දීමට අසමත්ව සිටීමද කැපී පෙනෙයි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest