slc
Home   |    News
මැයි 2, 2021
මංගල තරගයේදීම වාර්තාවක් පිහිටවූ ප්‍රවීන් අවුරුදු 7 දී අම්මට කිව්ව දේ

sinhala editor

Chamila Karawita reporting from Pallakale

දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ඇතුළත දෙපිළේම කඩුලු 13 ක් බිඳ වැටිණ. ශ්‍රී ලංකා පිලේ කඩුලු 3 කුත් (පළමු ඉනිමේ එක් කඩුල්ලක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 2 ක් වශයෙන්) බංග්ලාදේශ පළමු ඉනිමේ කඩුලු 10 කුත් තෙවැනි දිනයේ බිඳ වැටුණු කඩුලු 13 ට අයත් විය. ඒ අතරින් කඩුලු 6 කම  හිමිකරුවා බවට පත්වූයේ වමතින් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රමය. තම මංගල තරගයට ක්‍රීඩා කරමින් සිටින ජයවික්‍රම ලකුණු 92 ක් ඇතුළත දවාගත් කඩුලු 6 අතරට ටමීම් ඉක්බාල් සහ මුෂ්ෆිකර් රහීම්ගේ කඩුලුද ඇතුළත් විය. ප්‍රවීන්ගේ එම දක්ෂතාවය වසර 40 කට ආසන්න ශ්‍රී ලාංකේය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් භෞතීස්මයකදී පන්දු යවන්නකු වාර්තා කරන ලද හොඳම පන්දු යැවීමේ වාර්තාව ලෙසින් සටහන් විය.

“මම තරගයට එනකොට හිතුවේ කොහොමද ඩොට්ස් බෝල් (නිලකුණු පන්දු) දාලා එයාලට ප්‍රෙෂර් එක දෙන්නේ කියලා. ඒක මට කරන්න පුලුවන් වුණු නිසා විකට් 6 ක් ගත්තා. ඇත්තටම ගොඩක් සතුටුයි රෙකෝඩ් එකකට යන්න පුලුවන් වෙච්ච එක ගැන” යැයි සිය වාර්තාගත පන්දු යැවීම පිළිබඳව ප්‍රවීන් ජයවික්‍රම සඳහන් කර සිටියේය.

තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී සිය පන්දු යැවීම ගැන වැඩිදුරටත් අදහස් දක්වා සිටි වමත් දඟ පන්දු යවන්නා, “ගොඩක්ම කැමැත්ත තිබුණේ ටමීම් ඉක්බාල්ගේ කඩුල්ල දවා ගන්න. මම ගොඩක් ආසාවෙන් හිටියේ එයාගේ විකට් එක ගන්න. ඒ වගේම මුෂ්ෆිකර් රහීම්වත්. ඒ දෙන්නවම දවා ගැනීමට හැකියාව ලැබීම ගැන මට ගොඩක් සතුටුයි” යනුවෙනි.

මෙතෙක් පැවැති සෑම ඉනිමකදීම අර්ධ ශතක 3 ක් වාර්තා කර ගැනීමට සමත්ව සිටින ටමීම් මෙම තරගයේ ලද ලකුණු 92 ක් සමඟ අවස්ථා ද්විත්වයකදී ලකුණු 90 සීමාවට පැමිණීමට සමත්වූවේය. ප්‍රහාරාත්මක වේගය 75% කට වඩා පවත්වා ගැනීමට සමත්ව සිටි ටමීම්ගේ කඩුල්ල දවා ගැනීම සඳහා වූ උපක්‍රමය ලෙසින් ප්‍රවීන් භාවිතා කරන ලද්දේ කඩුල්ල වටා යමින් පන්දු යැවීම විය. වමත් පිතිකරුවන් පන්දුවට පහර දෙද්දී එතෙක් වේලා විනිසුරුකරු පසුකරමින් පන්දු යැවූ ජයවික්‍රම, කඩුල්ල වටා යමින් යොමු කරන ලද දෙවැනි පන්දුවේදීම ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍යව පැවැති ටමීම්ගේ කඩුල්ල දවා ගත්තේය.

“මම ඊට කළින් එයාට දැම්මේ ඕවර් ද විකට් ගිහිං. එයා එතකොට පහරවල් වලට යන්න ට්‍රයි කළේ නෑ. ඉතිං කැප්ටනුයි සීනියර් ප්ලෙයර්ස්ලා ටිකයි මට කතා කරලා කිව්වා චේන්ජ් එකක් කරලා බලන්න මල්ලී කියලා. ඊට පස්සේ තමයි මම විකට් එක වටෙන් ගිහිල්ලා බෝල් කළේ. දෙවැනි බෝලෙන්ම ටමීම්ගේ කඩුල්ල ලබා ගන්න හැකියාව ලැබුණා”යි ටමීම් දවා ගැනීම වෙනුවෙන් පිටිය තුළ වූ උපක්‍රමය පිළිබඳව ප්‍රවීන් අදහස් දැක්වූවේය.

ටෙස්ට් තරගයට පෙර පළමු පෙළ තරග 10 කට පමණක් ක්‍රීඩා කර ඇති ප්‍රවීන්ට ටෙස්ට් තරගයේදී පන්දු යැවීම පීඩනයක් ගෙන දුන්නේද යන්න ද මෙහිදී මාධ්‍ය වේදීන් විමසා සිටියේය. “ඔව්. බංග්ලාදේශය වුණත් එයාලා ගොඩක් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ගහලා තියෙන කට්ටිය. ඒක නිසා පීඩනයක් තිබ්බා. ඒත් සීනියර්ස්ලා ඇවිල්ලා කතා කරලා මට කිව්වා, මල්ලී බය වෙන්න එපා. ගැහුවට කමක් නෑ. ඔයා ඔයාගේ දේ කරන්න. එයාලා පහරවල් ගැහුවට ඔයා වෙනස් කරන්න එපා. ඔයාගේ විදියට කරන්න කියලා. ඩොට් බෝල්ස් දාගෙන ඉන්න එතකොට විකට් එයි කියලා කිව්වා. කිව්ව විදියටම මම කළා” යි ප්‍රවීන් පවසා සිටියේය.

වයස අවුරුදු 7 ක් 8 ක් වන වයසේ සිටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සිහින දැකි ප්‍රවීන් සිය ක්‍රිකට් දිවියට අවතීර්ණ වූ ආකාරයද මෙහිදී අනාවරණය කර සිටියේය. “පොඩි කාලේ ඉඳන්ම මම ක්‍රිකට් තරග නරඹනවා. අවුරුදු 7 ක 8 ක කාලේ ඉඳන් අම්මට කියනවලු, මම නැෂනල් ටීම් එකට සෙල්ලම් කරනවා කියලා. එතකොට මම ක්‍රිකට් ගහන්න පටන් අරන් වත් නෑ. මම ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ අවුරුදු 10 දී. කලුතර සිරිකුරුස විදුහලෙන්. අවුරුදු 16 දී  මම මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලට ඇතුළත් වෙනවා. එතැන ඉඳන් තමයි ඉදිරියට එන්න අවස්ථාව ලැබුණේ” යි විසි දෙවැනි විය පසුකරමින් සිටින ප්‍රවීන් පවසයි.

පළමු දින 2 පිතිකරුවන්ට පාරාදීසයක් බඳු වූ පල්ලකැලේ තණතීරුව තෙවැනිදවස වන විට පන්දු යවන්නන්ට සහයෝගයක් ලබා දෙන බවක් පෙන්නුම් කර සිටින අතර ප්‍රවීන්ගේ අදහස වන්නේ එය සිව්වැනි සහ පස්වැනි දින වන විට තවත් වැඩිවිය හැකි බවයි.

“විකට් එක ගත්තොත් අද පොඩ්ඩක් දඟ පන්දු යවන්නන්ට පොඩ්ඩක් සහයෝගය තිබුණා. පළවැනි දවස් දෙක ගත්තහම පන්දු යවන්නන්ට සහයෝගය තිබුණේ නෑ. අද ගත්තොත් එහෙම ගොඩක් හොඳයි දකියලා තමයි කියන්න තියෙන්නේ ඊළඟ දවස් දෙකත් මෙහෙම වෙයි කියලා මම හිතනවා” යි පවසන ප්‍රවීන්, පිට පිටම දෙවැනි වතාවටත් බංග්ලාදේශ පිලට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දීම සඳහා වූ ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් (242) ශ්‍රී ලංකා කණ්ඩායම සතු වුවත් නැවතත් පන්දුවට පහර දීමට තම කණ්ඩායම තීරණය කිරීම සුභදායී කරුණක් බවයි.

“පෞද්ගලිකව මම විශ්වාස කරනවා අපි නැවතත් පන්දුවට පහර දෙන්න ගත්ත තීරණය ඉතා හොඳයි කියලා. මොකද පස්සට යන්න යන්න තව විකට් එක කැපෙන්න බලයි. ඉතිං අපි පුලුවන් තරම් ලකුණු ගහලා එයාලට ලොකු ටාගට් එකක් දුන්නහම එයාලට ඒක ප්‍රෙෂර් එකක්. ඒ ටාගට් එක ගැහුවේ නැත්නම් මැච් එක අපේ පැත්තට එනවා” යැයි ප්‍රවීන් පැවැසීය.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest