slc
logo
Home   |    News
මැයි 19, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට හෙට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකකට හෙවත් 2021-2023 කාලය තුළ පරිපාලනය සදහා අදාළ නිලධාරීන් පත් කර ගැනීම සඳහා පැවැත්වෙන ‘ක්‍රිකට් නිලවරණය’ හෙට (20 වැනිදා) දිනට යෙදී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින ‘බුද්ධි කේන්ද්‍රය’ නිලවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත් වෙමින් මෙම නිලවරණය ‘Zoom’ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙනු ඇත. ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ ඉතිහාසයේ තාක්ෂණය භාවිතයෙන් නිලධාරීන් පත් කර ගනු ලබන පළමු නිලවරණය වශයෙන්ද හෙට පැවැත්වෙන ක්‍රිකට් නිලවරණය ඉතිහාස ගත වනු ඇත.

අදාළ නිලවරණය සඳහා නාම යෝජනා භාර දීම ඉකුත් පෙබරවාරි මස 24 වැනිදා ප.ව. 3.30 ට අවසන් වූ අතර ඒ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු අපේක්ෂාවෙන් පාර්ශ්ව හතරකින් නාම යෝජනා භාර දුන්හ. ඒ අතරින් ශම්මි සිල්වා මහතාගේ පාර්ශ්වයෙන් නාම යෝජනා භාර දේදදී එම පාර්ශ්වයේම ලේකම් තනතුරට නාම යෝජනා භාර දුන් මොහාන් ද සිල්වා මහතාත් උප සභාපති තනතුර සදහා ඉදිරිපතව සිටි ජයන්ත ධර්මදාස මහතාත් ඊට සහායක් ලෙසින් තවත් පාර්ශ්වයකින් නාම යෝජනා භාර දී තිබුණ.

ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා බවට පත් වුණු හිටපු උප සභාපතිවරයකු වන කේ. මතිවානන් මහතා සභාපති තනතුරටත්, හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග මහතා ලේකම් තනතුරටත් සහ ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා වූ බන්දුල වර්ණපුර මහතා උප සභාපති තනතුරකටත් නාම යෝජනා භාර දී තිබුණද ඔවුන් අවසන් මොහොතේදී සිය නාම යෝජනා ඉල්ලා අස් කර ගත්හ.

ඒ අනුව ඒක පාර්ශවීය නිලවරණයක් බවට පත්ව තිබෙන මෙවර නිලවරණයේදී සභාපති තනතුර සඳහා ඉදිරිපත්ව සිටින ශම්මි සිල්වා මහතාට අමතරව රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන් උප සභාපති තනතුරු වලටත්, මොහාන් ද සිල්වා මහතා ප්‍රධාන ලේකම් තනතුරටත්, ක්‍රිෂාන්ත කපුවත්ත මහතා උප ලේකම් ධුරයටත්, භාණ්ඩාගාරික තනතුර සඳහා ලසන්ත වික්‍රමසිංහ මහතාත් සහ උප භාණ්ඩාගාරික තනතුර සඳහා සුජීව ගොඩලියැද්ද මහතාත් නාම යෝජනා භාර දි තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ඡන්ද 147 කින් සමන්විත වුවත්, මෙවර නිලවරණය සඳහා වලංගු ඡන්ද සංඛ්‍යාව 139 ක් ලෙසින් සටහන්වේ. එහිදී පාලන ක්‍රීඩා සමාජය 28 ක්, අනුබද්ධ ක්‍රීඩා සමාජ 21 ක්, දිස්ත්‍රික් සංගම් 22 ක්, වෙනත් ක්‍රීඩා සංගම් 5 ක් සහ පළාත් සංගම් 4 ක් හෙට පැවැත්වෙන නිලවරණයේදී සිය මතය ප්‍රකාශ කිරීමට නියමිතය.

තාක්ෂණය භාවිතයෙන් නිලවරණය පැවැත්වීම සෑම දෙනාටම අලුත් අත්දැකීමක් වන බැවින් ඊට පෙර අද (19 දා) දිනයේදී තෝරා ගනු ලැබූ ක්‍රීඩා සමාජ කීපයක් යොදා ගනිමින් පෙර පුහුණුවක් සිදු කිරීමට පියවර ගෙන තිබුණි. නිලවරණ කටයුතු හෙට පෙ.ව. 9 ට ආරම්භ වන අතර එහිදී ප්‍රථමයෙන්ම ඡන්දය ලබා දීම සඳහා සුදුසුකම් පරීක්ෂණයකට මුහුණ දීමෙන් අනතුරුව ප්‍රධාන රැස්වීම සඳහා වූ ක්‍රියාවලියට යොමු කෙරෙනු ඇත. නිලවරණය පෙ.ව. 10 ට ආරම්භ වනු ඇත.

විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරුවරියක වන මලනි ගුණරත්න, මහාධිකරණ විනිසුරුවරියක් වන ශිරෝමි පෙරේරා සහ අමාත්‍යාංශ ප්‍රධාන ලේකම්වරයකු ලෙසින් කටයුතු කරන ලද ආචාර්ය ඩී. එම් ආර්. දිසානායක මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුව විසින් මෙම නිලවරණය පවත්වනු ලබති.

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee