slc
Home   |    News
මැයි 1, 2021
ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI සහ ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම් නම් කරයි

Sri Lanka Cricket

2021 මැයි 01 වැනිදා

මාධ්‍ය නිවේදනයයි

ශ්‍රී ලංකා ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ‘ටීම් ශ්‍රී ලංකා’ කණ්ඩායම් අතර පැවැත්වෙන තරගය සඳහා වදිනු ලබන කණ්ඩායම් පහත පරිදි වේ.

කොවිඩ්-19 අරමුදලට ආධාර පිණිස පවත්වනු ලබන මෙම තරගය එළැඹෙන මැයි 04 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ප.ව. 7.00 ට ආරම්භ වනු ඇත. පන්දුවාර විස්සයි-20 තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI පිල හිටපු ටෙස්ට් නායක සනත් ජයසූරිය විසින්ද ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමාන විස්සයි-20 නායක දසුන් ශානක විසින්ද මෙහෙයවති.

 ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI  ටීම් ශ්‍රී ලංකා
1සනත් ජයසූරිය (නායක)1දසුන් ශානක (නායක)
2අරවින්ද ද සිල්වා2කුසල් පෙරේරා
3හෂාන් තිලකරත්න (පුහුණුකරු සහ ක්‍රීඩක)3අවිෂ්ක ප්‍රනාන්දු
4ෆර්වීස් මහරූෆ්4භානුක රාජපක්ෂ
5උපුල් චන්දන5ඉසුරු උදාන
6උපුල් තරංග6රමේෂ් මෙන්ඩිස්
7නුවන් කුලසේකර7සධීර සමරවික්‍රම
8තිළිණ තුෂාර8තිසර පෙරේරා
9ධම්මික ප්‍රසාද්9පැතුම් නිස්සංක
10චාමර සිල්වා10චාමික කරුණාරත්න
11මලින්ද වර්ණපුර11ලක්ෂාන් සඳකැන්
12ඉන්දික ද සේරම්12රොෂේන් සිල්වා
13ජෙහාන් මුබාරක්13අසිත ප්‍රනාන්දු
14සමන් ජයන්ත14විජයකාන්ත් වියස්කාන්ත්

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්

REF: SLCM202149

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest