slc
logo
Home   |    News
මැයි 12, 2021
එක්දින කණ්ඩායමේ නායකත්වය කුසල් පෙරේරාට

sinhala editor

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා කුසල් පෙරේරා නම් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. කුසල්ගේ උප නායකයා ලෙස තරුණ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් නම් කර තිබේ.

2023 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට වඩාත් ආක්‍රමණශීලී කණ්ඩායමක් සකස් කර ගැනීමේ මූලික අරමුණ ඇතිව නම් කරන ලද මෙම කණ්ඩායමේ සියල්ලෝම තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විත වේ.

නායකත්වයට පත් කුසල් පෙරේරා මීට පෙර ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙසින් කටයුතු කොට නොමැත. ඔහු ඉකුත් එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේදී කැන්ඩි ටස්කර්ස් පිලේ නායකයා ලෙසින් කටයුතු කළේය. බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද මෙම කණ්ඩායමට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් වේ.

කණ්ඩායමට අලුතින්ම එකතුව සිටින්නේ බිනුර ප්‍රනාන්දු සහ ශිරාන් ෆර්නෑන්ඩු දෙදෙනාය. වේග පන්දු යවන්නකු වන බිනුර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් විස්සයි-20 තරගයකට ක්‍රීඩා කර තිබේ.  දකුණතින් මඳ වේග පන්දු යවන ශිරාන් ප්‍රනාන්දු පළමු පෙළ තරග 18 කදී කඩුලු 43 ක්ද පළමු පෙළ එක්දින තරග 19 කදී කඩුලු 24 ක් බිඳ හෙළා තිබේ. 28 හැවිරිදි ශිරාන් අවසන් වුණු දේශීය තරග මාලාවේදී ටැමිල් යුනියන් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ. එම තරගාවලියේදී තරග 6 කට ක්‍රීඩා කළ ශිරාන් කඩුලු 14 ක් බිඳ හෙළීමට සමත්විය.

 ජාතික කණ්ඩායමට නම් කිරීමට පෙර ශිරාන් 2019 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති නැගී එන කණ්ඩායම් අතර වූ ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට වරම් ලැබුවේය.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබී ඇති ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ලබන 16 වැනිදා බංග්ලාදේශයට බලා පිටත්ව යනු ඇත.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම – කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, දසුන් ශානක, අෂේන් බණ්ඩාර, වනිඳු හසරංග, ඉසුරු උදාන, අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල, දුෂ්මන්ත චමීර, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee