slc
logo
Home   |    News
ජූනි 18, 2021
මැද පන්දුවාරවලට ක්‍රීඩා කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා – මිකී ආතර්

sinhala editor

ඉදිරි සතියේදී ආරම්භ වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තයට එරෙහිව අභියෝගයක් එල්ල කිරීමට නම් ඉනිමේ මැද පන්දුවාරවලට මුහුණ දීමේදී පිතිකරුවන් වැඩි අවධානයක් ඒ කෙරෙහි යොමු කළ යුතු බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සඳහන් කර සිටියි. එම අභියෝගය මැඩ ගනිමින් සාර්ථකව තරගාවලිය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි හොඳම සංයුතිය කුමක්ද යන්න පිළිබඳව මේ වන විට අවධානය යොමු කරමින් සිටින බවද ආතර් සඳහන් කර සිටියේය.

විස්සයි-20 තරග 3 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා එංගලන්තයට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිය නීරෝධායන කාල සීමාව පසු කරමින් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් ආරම්භ කර තිබෙන අතර පළමු තරගයට ලබන 23 වැනිදා සහභාගිවනු ඇත. තරගාවලිය සඳහා වන සූදානම පිළිබඳව තාක්ෂණය භාවිතයෙන් පැවැති මාධ්‍ය හමුවකදී මිකී ආතර් ඉහත අදහස් පළ කර සිටියේය.

මෙහිදී වැඩිදුටරටත් අදහස් දක්වා සිටි ආතර් මහතා ඉනිමේ මැදදී ප්‍රහාරාත්ම වේගය රඳවා ගැනීම පිළිබඳව වූ තීව්‍ර තාවය පිළිබඳව අවධානය යොමු කරමින් සිය පුහුණුවීම් කටයුතු වල නිරතව සිටින බවද සඳහන් කර සිටියේය.

“මෙය ඇත්තටම දීර්ඝ ගමනක ආරම්භයක් වන අතර එහිදී අපට නිවැරදිම සංයුතිය ලැබෙයි කියලා අපේක්ෂා කරනවා. බංග්ලාදේශයේදී අපි ඉනිමේ මැද පන්දුවාර කීපයෙදි අපි අපහසුතාවයට පත් වුණා. මේ දින වල කරන පුහුණුවීම් වලදී වැඩි අවධානයක් යොමු කරලා තියෙන අංශ අතර එක් අංශයක් තමයි ඒක. එහිදී පන්දුවට පහර දීමේදී අපේ ප්‍රහාරාත්මක වේගය පවත්වා ගැනීම පිළිබඳව වූ තීව්‍ර තාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා” යි ආතර් සඳහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමට ස්ථාවර පිතිකරණ අනුපිළිවෙළක් නොමැති වීම මෙන්ම දුර්වල ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගැනීම ප්‍රධාන ලෙසම හේතුවී තිබෙන බව ආතර් පෙන්වා දෙයි. “අපිට හැකි ඉක්මනින්ම ස්ථාවර පිතිකරණ අනුපිළිවෙළක් සකසා ගත යුතුයි. එහෙම නැතුව අපිට විවිධ ස්ථානවල පන්දුවට පහර දෙන පිතිකරුවන් සමඟ තැනින් තැනට පනින්න අමාරුයි. එහෙම වුණොත් එය කණ්ඩායමේ ව්‍යාකූලතාවයට හේතු වෙනවා” යැයි ආතර් පෙන්වා දෙයි.

“මම ලෝකයේ වෙනත් හොඳම කණ්ඩායම් කරන්නේ මොකද්ද කියලා අවධානය යොමු කළා. එතැනදි මට දැක ගැනීමට හැකි වුණේ හොඳ ශක්තිමත් පිතිකරණ ලැයිස්තුවකට අවශ්‍ය වන හොඳ ප්‍රහාරාත්මක වේගයක් සහ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ඔවුන් සතුව පැවැතීම. මම උත්සාහ කළේත් ජාත්‍යන්තර ක්‍රීඩාවට හොඳින්ම ගැල පෙන පිදියට අපේ පිතිකරණ ලැයිස්තුව සකස් කිරීමටයි. අපේ ක්‍රීඩකයින් සියල්ලම හඳුනගෙන තියෙනවා ඔවුන්ගේ භූමිකාවන් මොනවාද කියලා. අපිට අවශ්‍ය වන්නේ ඔවුන්ට ඒ දේ කරන්න අවශ්‍ය සහයෝගය ලබා දීමයි” ආතර් කරුණු දක්වයි.

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් වෙත පැමිණි දා සිට අපේ ක්‍රීඩකයින් 24 දෙනාම අතිශයින් වෙහෙස මහන්සි වීපුහුණුවීම් කටයුතු වල නිරත වෙනවා. එංගලන්තය කියන්නේ සුදු පන්දුවෙන් ක්‍රීඩා කිරීමේදී දක්ෂ ලෙස ක්‍රීඩා කරන කණ්ඩායමක්. විස්සයි-20 කණ්ඩායමට එක්ව සිටින ඔවුන්ගේ ක්‍රීඩකයින් කණ්ඩායමක් විදියට එකට ක්‍රීඩා කර නැතත් දේශීය තරගාවලියේදී ඔවුන් ක්‍රීඩා කරලා තියෙනවා. වඩාද් වැදගත් වන්නේ ඔවුන්ගේ සියළුම ක්‍රීඩකයින් ගෙවී ගිය සති 2 ක පමණ කාලයේදී දේශීය තරග සඳහා ක්‍රීඩා කරමින් සිටීමයි. එබැවින් ඔවුන්ගේ සූදානම ඉතාමත් හොඳ තත්ත්වයක තියෙනවා. එය අපේ තරුණ ක්‍රීඩකයින්ට විශාල අභියෝගයක් වේවි. ඒත් අපි දිගින් දිගටම දියුණුව කරා යන කණ්ඩායමක් බවට පත් වෙන්න පුලුවලන්” යැයි ආතර් පවසයි.

“පුහුණුකරුවන් විදියට අපේ වගකීම වෙන්නේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා වැඩි දියුණු කරමින් ජාත්‍යන්තර මට්ටමට තරග කිරීම සඳහා අවශ්‍ය මට්ටමට ඔවුන්ව රැගෙන ඒම. අපි ක්‍රීඩකයින් දිහා බලනවා නම් ඔවුන් ඊයේ සිදුකළ පුහුණුවීම්වල නිරත වුණු ආකාරය සැබැවින්ම අභියෝගාත්මකයි. එහිදී ඉතා හොඳ පුහුණුවක් ලැබුණු අතර ඔවුන් සියල්ලමඉතාමත් තරගකාරීත්වයෙන් යුතුව සිය පුහුණුවීම් වල නිරත වුණා. ඇත්තටම මෙය අපිට සුබ දායක තත්ත්වයක්” ආතර් කියයි.

Active filters

Recent Posts

  • පෙර පුහුණු තරගයෙන් යෙලෝ පිල ජය ලබයි
    අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන මීළඟ පිරිමි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර පුහුණුවීිම් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය […]
  • LPL පස්වැන්නේ ක්‍රීඩක වෙන්දේසිය මැයි 21 වැනිදා
    ජාත්‍යන්තර සන්නාමයක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත දේශීය පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැන්න හෙවත් 2024 අදියර හි ක්‍රීඩක වෙන්දේසිය මේ මැයි මස […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ එක්දින තරගාවලියත් කළින්ම ජය ගනිති
    ශ්‍රී ලංකා ‘ඒ ‘ – ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගයෙන් ද අද (03) කඩුලු හතරක පහසු ජයග්‍රහණයක් අත්කර ගත් ශ්‍රී ලංකා ‘ඒ […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අමෙරිකාවත් පරාජය කරයි
    අබුඩාබිහි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිකුරාදා (03) අමෙරිකාව සමඟ පැවැති තරගයෙන් ලකුණු 18ක ජයක් ලැබීය. […]
  • නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් ශූරතාව ගාල්ලට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ශූරතාව ගාල්ල කණ්ඩායම දිනා ගැනීටම සම්තවිය.  පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee