slc
Home   |    News
ජූලි 29, 2021
“අවසානය දක්වා තරගය රැගෙන යෑම තමයි සැලසුම” – ධනංජය ද සිල්වා

sinhala editor

By Chamila Karawita

පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ දක්ෂතාවය ප්‍රධාන කොට දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (28 දා) සමත්විය. එම ජයග්‍රහණයත් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-1 ක් ලෙස සමතැන් ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබුණා පමණක් නොව විස්සයි-20 තරග 6 කට පසු පළමු තරග ජයග්‍රහණය වාර්තා කිරීමටද අවස්ථාව උදාවිය. ජයග්‍රහණය සඳහා ලකුණු 133 ක පහසු ඉලක්කයක් සොයා යෑම වෙනුවෙන් සාර්ථක ප්‍රවේශයක් පන්දු යවන්නන් අත්කර දුන් අතර ශ්‍රී ලංකා ජයග්‍රහණය සදහා අවසන් පන්දු 30 දී ලලකුණු 39 ක් ශ්‍රී ලංකාවට අවශ්‍ය විය. ඒ අතුරතුරදී බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවන් අතර සිටි වනිඳු හසරංග ද දැවී යෑම ශ්‍රී ලංකාවට ප්‍රබල පහරක් වන්නට විය. එහෙත් චාමික කරුණාරත්නට එක් වුණු උප නායක ධනංජය ද සිල්වා පන්දු 2 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

“කණ්ඩායමක් විදියට ගත්තහම ඇත්තටම මෙය ගොඩක් ලොකු ජයග්‍රහණ්‍යක්. මොකද අපි දැන් මාස ගණනාවක් තිස්සේ විස්සයි-20  යග්‍රහණයක් හෙව්වා. අපිට හොද සංයුතියක් හෙව්වා. හරි උපක්‍රමයක් හෙව්වා සෙල්ලම් කරන්න. මේ ජයග්‍රහණයත් එක්ක මං හිතනවා අපි ටිකෙන් ටික එතනට ළං වෙලා තියෙනවා කියලා” යැයි තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ධනංජය ද සිල්වා අදහස් දක්වා සිටියේය.

ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 34 කදී නොදැවී ලකුණු 40 ක් ලබා ගත් ධනංජය තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය. විස්සයි-20 තරග රටාවේ සුපිරුදු රිද්මය බවට පත්ව තිබෙන හයේ පහර සහ හතරේ පහර එල්ල කිරීමේ සංකල්පයෙන් මිදුණු ධනංජය සිය ඉනිම හතරේ පහරකින් සහ හයේ පහරකින් පමණක් සරසා ගනිද්දී ඉතිරි ලකුණු 30 ම කඩුලු අතර දිව යමින් ලබාගත් වෙහෙසකට ලකුණු බවට පත්විය.

“කළින් කියලා තිබුණ විදියට මගෙන් කණ්ඩායමට වෙන්න ඕන දේ තමයි ඕවර 20 ම එක පැත්තකින් ඉවර කරන එක. ඉතිං කළින් තරගයේදී මට ඒ දේ කරන්න වුණේ නෑ. එක්දින තරග වලදීත් උත්සාහ කළා. නමුත් කරගන්න බැරි වුණා. අද මගේ දවස කියලා මං හිතනවා. ඉතිං මට ඒක කරන්න පුලුවන් වුණා” යැයි වගකීම කරට ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය දකුණත් පිතිකරුවා වැඩිදුරටත් අදහස් දැක්වීය.

“බැට් කරනකොට අපි දැනගෙන සිටියා විකට් එක ගොඩක් මන්දගාමී වෙනවා කියලා. එකේ ලකුණු ගහන්න, දඟ පන්දු යවන්නන්ට මුහුණ දෙන්න අමාරුයි. කිව්වා වගේ 20 වැනි ඕවරය වෙනකන් තරගය අරගෙන ගියාම අපිට ඉලක්කය ළං වෙනවා. එතකොට කරන්න ඕන මොකද්ද කරන්න ඕන නැත්ත මොනවද කියන එක ගැන වැටහීමක් තියෙනවා. විස්සයි-20 තරගයකදි වුණත් අන්තිම වෙනකම් ගිහිල්ලා බලන එක තමයි මම නම් හිතන්නේ හොඳ” යැයි තරගයේ අනුගමනය කරන ලද සැලසුම් ගැන ධනංජය අදහස් දැක්වීය.

“අපේ දන්නවා අපේ අවසාන පිතිකරුවන් හතර පස් දෙනාගෙන් අඩුම තරමේ හතර දෙනෙකුටවත් හයේ පහර ගහන්න පුලුවන් කියලා. චාමික, ඉසුරු, වනිඳු ඒ වගේම දුෂ්මන්ත ඔප්පු කරලා ඔවුන්ට හයේ පහර එල්ල කරන්න පුලුවන් කියලා. ඉතිං අපේ ටාගට් එක වුණේ අවසානය තෙක් රැගෙන යන්න. එතැනදී මට හිතුණා අනිවාර්යයෙන්ම චාමික හරි වනිඳු හරි මාත් එක්ක තරගය ඉවර කරයි කියලා. වාසනාවට ඒක ඒ විදියටම වුණා” යැයි ධනංජය ද සිල්වා අදහස් දක්වයි.

මෙම තරගයේදී ඉන්දීය පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා ශ්‍රී ලංකා නායකයා කණ්ඩායමේ 11 දෙනාගෙන් 8 දෙනෙකුවම කැඳවීම විශේෂත්වයක් විය. ඔවුන් සියලු දෙනාම 9 වැනි පන්දුවාරය යවා අවසන් වන විට පන්දු යවා තිබීමද කැපී පෙනුණි. සමස්ථ තරගයේ දැවී ගිය කඩුලු 11 න් කඩුලු 7 ක්ම දඟ පන්දු යවන්නන් විසින් දවා ගනිද්දී තරගය පුරාවටම එල්ල කර තිබුණේ හයේ පහර 3 ක් පමණි.

“විස්සයි-20 එක පන්දු යවන්නෙක්ගෙන් යැපෙන්නේ බෑ. සැලසුමකට තමයි දසුන් පන්දු යවන්නන්ව කැඳෙව්වේ. එයාලගේ පිතිකරුවන් අඩුවෙන් ගැහුව නිසා අපි දන්නවා එයාලා අවසානය වෙනකම්ම තරගය ඇදගෙන යනවා කියලා. පුලුවන් තරම් බවුන්ඩ්‍රිස් අඩු කරලා තමයි පන්දු යවන්නන් සැලැසුම් කළේ” යැයි ධනංජය වැඩිදුරටත් අදහස් දක්වයි.

ශ්‍රී ලංකා කණ්ඩායම කලකට පසුව තරගාවලි ජයග්‍රහණයක අභිමුවට පැමිණ සිටින එය තරගාවලි ජයග්‍රහණයක් කරා පරිවර්තනය කරගැනීමට කණ්ඩායම සතු සැලසුම පිළිබඳවද ධනංජය මෙහිදී අදහස් දක්වා සිටියේය.

“මන්දගාමී තණතීරුවේ එයාලාගේ දඟ පන්දු යවන්නන් ගොඩක් හොඳින් පන්දුව දඟ කැවුණා. ලේසි නෑ ලකුණු ගන්න. ඉතිං කිව්ව වගේ ඩොට් බෝල් ප්‍රෙෂර් එක ගොඩක් එනවා. ඒ ගැන අවධානය යොමු කරලා ගැහුවොත් ඉස්සරටහ හොඳ වෙයි කියලා හිතනවා” යැයි ධනංජය සඳහන් කර සිටියේය.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest