slc
logo
Home   |    News
ජූලි 6, 2021
ඉන්දු-ලංකා එක්දින ගැටුමේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ‘අන්ඇකඩමි’ වෙතින්

sinhala editor

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක ආයතනය වශයෙන් අධ්‍යාපන අංශයට අදාළ ඉන්දියාවේ ප්‍රකට සමාගමක් වන අන්ඇකඩම් සමාගම ඉදිරිපත්ව සිටියි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි දෙකක නිල අනුග්‍රාහක හවුල්කරුවන් වශයෙන් කටයුතු කරන ලද අන්ඇකඩම් සමාගම මේ වසරේ පැවැති රෝඩ් සේෆ්ටි වර්ලඩ්ස් සීරීස් තරගාවලියේද ප්‍රධාන අනුග්‍රාහක ආයතනය ලෙස කටයුතු කළේය.

අදාළ අනුග්‍රාහකත්වය පිරිනැමීම පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා අදහස් දක්වමින්, “ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංා තරග සංචාරය දේශීය මෙන්ම ඉන්දීය ක්‍රීඩා ලෝලීන් අතර දැඩි උනන්දුවක් ඇති කරනු ඇති බව මට විශ්වාසයි. ඒ වගේම තරුණ පරම්පරාව කෙරෙහි අවධානය යොමු කර ඇති අන්ඇකඩම් සමාගම දෙරට අතර පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් ඉදිරියට පැමිණීම පිළිබඳව ස්තූතිවන්ත වීමට මෙය මා අවස්ථාවක් කරගන්නවා” යැයි සඳහන් කර සිටියේය.

මේ අතර අදාළ අනුග්‍රාහකත්වය ලබා දීම පිළිබඳව වූ තීරණය පිළිබඳව අදහස් දැක්වූ අන්ඇකඩමි සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී කරන් ශ්රොෆ් මහතා අදහස් දක්වමින්, “මේ තරගාවලියේදී ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් කටයුතු කිරීම හරහා තරුණයින් අතර පැහැදිළි බලපෑමක් ඇති කිරීමේ අවස්ථාව අපිට උදා වෙනවා. එබැවින් මෙම තරගාවලියේ කොටස්කරුවකු වීමට ලැබීම ගැන අපි ගොඩක් සතුටට පත්වෙනවා”යි සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]
  • ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
    කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු […]
  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee