slc
Home   |    News
ජූලි 7, 2021
ඉන්දු-ලංකා විස්සයි-20 ට අනුග්‍රහය දෙන්න CoinDCX එයි

sinhala editor

ඉන්දියාවේ විශාලතම සහ ආරක්ෂිතව මුදල් හුවමාරු වේදිකාවක් ලෙසින් සැලකෙන CoinDCX  ආයතනය ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව තරග වදිනු ලබන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගමාලාවේ නිල අනුග්‍රාහක ආයතනය බවට පත්ව සිටියි.

ක්‍රිකට් ක්‍රීඩාවට සෑඹ විටම අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත්ව ඇත්තේ සුප්‍රකට වෙළෙඳ නාමයන් සහිත ආයතන වන අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය CoinDCX විස්සයි-20 කුසලාන වෙනුවෙන් පැවැත්වෙනු ඇත.

CoinDCX ආයතනය ඉන්දියාවේ ක්‍රිප්ටෝ අවකාශයේ පුරෝගාමී ආයතනයක් ලෙසින් කටයුතු කරන අතර එය තරුණ පරම්පරාව අතර ශීග්‍රයෙන් ජනප්‍රියත්වය ඉහළ ගොස් තිබේ. අනාගත ආයෝජකයින් සමඟ තව තවත් සම්බන්ධවීමට ක්‍රිකට් හොඳ වේදිකාවක් සපයන බැවින් දෙරට අතර පැවැත්වෙන මෙම තරගාවලියේ අනුග්‍රාහකත්වය ලබාදීම සඳහා CoinDCX ආයතනය ඉදිරිපත්ව සිටියි.

අදාළ අනුග්‍රාහකත්වය පිරිනැමීම පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා අදහස් දක්වමින්, “මෙම අනුග්‍රාහකත්වය හිමිවීම ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ඉතාමත් ප්‍රීතියක් ඇති කරවන්නක්. එළැඹෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම් වන වේදිකාවක් ලෙස මෙම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වෙනවා. මෙම වැදගත් තරගාවලියට සම්බන්ධවීම ගැන මම CoinDCX ආයතනයට ස්තූති කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා”යැයි සඳහන් කර සිටියේය.

මේ අතර අදාළ අනුග්‍රාහකත්වය ලබා දීම පිළිබඳව වූ තීරණය පිළිබඳව අදහස් දැක්වූ CoinDCX හි ප්‍රධාන විධායක සහ සම නිර්මාතෘ සුමිත් ගුප්තා මහතා, “ඉන්දියාවේ ක්‍රිකට් යනු ක්‍රීඩාවක් පමණක්ම නොවෙයි. එය ආගමක්. ඉති ස්වාභාවිකවම අපි විස්සයි-20 තරගාවලියේ අනුග්‍රාහකයා වීම ඉතා සතුටට පත් වෙනවා. මේ හරහා වැඩි ගනුදෙනුකරුවන් සංඛ්‍යාවක් වෙත ළඟාවීම අපේ ඉලක්කය වී තිබෙනවා. ඒ හරහා අපේ වෙළෙඳ නාමය විශිෂ්ඨත්වය කරා යනු බව අපි විශ්වාස කරනවා”යි යනුවෙනි.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest