slc
Home   |    News
ජූලි 31, 2021
ඉසුරු උදාන ජාතික කර්තව්‍යයන්ගෙන් නිදහස් වෙයි

sinhala editor

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික කණ්ඩායමේ රාජකාරිවලින් විශ්‍රාම ගන්නා බව නිවේදනයකර සිටියි.

“නවක ක්‍රීඩකයින්ට කණ්ඩායම තුළට පැමිණීමට කාලය එළැඹ ඇති බව මම විශ්වාස කරනවා” යැයි සිය විශ්‍රාම යෑම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කරන ලද ලිපියේ සඳහන් කර ඇත.

එහිදී විශ්‍රාම යෑම ගැන වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඉසුරු, “මම මගේ රට නියෝජනය කිරීමේදී අප්‍රමාණ කැපවීමකින් ක්‍රීඩා කළා. එය ආශාවක් වගේම මහත් ආඩම්බරයක්” යනුවෙනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින සහ විස්සයි-20 තරග අංශය නියෝජනය කරන ලද වටිනා ක්‍රීඩකයකු වන ඉසුරු උදානගේ අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රාර්ථනා කර සිටියි.

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest