slc
logo
Home   |    News
ජූලි 18, 2021
කාසියේ වාසියත් සමඟ ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (18 දා) පැවැත්වෙන පළමු තරගයේදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

දෙපිළේම නායකයින් අද දිනයේදී පළමු වතාවට එක්දින නායකයින් ලෙස කටයුතු කරනු ලබන මෙම තරගයේදී ශිකර් ධවාන් නායකත්වයේ වරම් දිනාගනිද්දී ඔහුගේ වයස අවුරුදු 35 කුත් දින 225 ක් විය. ඒ අනුව ඔහු ඉන්දියාව වෙනුවෙන් නායකත්වයට පත් වයස්ගතම නායකයා ලෙසින් ඉතිහාසයට එක්ව සිටියි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අද දිනයේදී භානුක රාජපක්ෂ එක්දින වරම් දිනාගනිද්දී සූර්යකුමාර් යාදව් සහ ඉෂාන් කිෂාන් ඉන්දියාව වෙනුවෙන් එක්දින වරම් දිනාගත්හ. වමතින් පන්දුවට පහර දෙන භානුක රාජපක්ෂ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනාගන්නා ලද 201 වැනි ක්‍රීඩකයා බවට පත්වූවේය.

තරගය පැවැත්වෙන ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේදී පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායමට තණතීරුවේ ලබාදෙන සහයෝගය පිළිබඳව අවධානය යොමු කරමින් තමා පළමු පන්දුවට පහර දීමට තීරණය කළ බව කාසියේ වාසිය උරගා බැලීමෙන් පසු ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා පිල – 1. අවිෂ්ක ප්‍රනාන්දු, 2. මිනෝද් භානුක, 3. භානුක රාජපක්ෂ, 4. ධනංජය ද සිල්වා, 5. චරිත් අසලංක, 6. දසුන් ශානක (නායක), 7. වනිඳු හසරංග, 8. ඉසුරු උදාන, 9. ලක්ෂාන් සඳකැන්, 10. දුෂ්මන්ත චමීර, 11. චාමික කරුණාරත්න

ඉන්දියානු පිල – 1. ශිකර් ධවාන් (නායක), 2. ප්‍රිතිව් ෂා, 3. සූර්යකුමාර් යාදව්, 4. මනීෂ් පාණ්ඩේ, 5. ඉෂාන් කිෂාන්, 6. හර්දික් පාණ්ඩ්‍යා, 7. කෘනාල් පාණ්ඩ්‍යා, 8. භුවනේෂ්වර් කුමාර්, 9. දීපක් චහර්, 10. කුල්දීප් යාදව්, 11. යුස්වේන්ද්‍ර චෙහල්.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee