slc
logo
Home   |    News
ජූලි 16, 2021
කුසල්ට ඉන්දීය තරගාවලිය මඟහැරෙයි

sinhala editor

උරහිසේ ඇතිවී තිබෙන ආබාධිත තත්ත්වය තවදුරටත් සුව අතට පත්නොවීම හේතුවෙන් ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඉන්දියාවට එරෙහිව තවත් දින දෙකකින් ආරම්භ වන එක්දින සහ විස්සයි-20 තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිව තිබේ.

එංගලන්ත තරග සංචාරය අතරතුරදී හටගත් එම උරහිසේ ආබාධය හේතුවෙන් තෙවැනි තරගයට කුසල් ක්‍රීඩා කරන ලද්දේද වේදනා නාෂක ලබා ගැනීමෙන් අනතුරුවය. කෙසේ වෙතත් එම ආබාධිත තත්ත්වය හේතුවෙන් ඔහු ඊයේ වන තෙක් පැවැති පුහුණු සැසිවලදී ක්‍රීඩාංගණයට හෝ පැමිණීමෙන් වැළකී සිටියේය.

මේ අතර ඊයේ (15 වැනිදා) සිදුකරන පුහුණුවීම් අතරතුරදී වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දුද වළලුකර ආශ්‍රිතව ආබාධයකට ගොදුරුවිය. පරීක්ෂණ වලට අනුව ඔහුගේ වළලුකර ආශ්‍රිතව අස්ථි බිඳීමකට ලක්ව තිබෙන බව හඳුනාගෙන තිබේ. ඒ අනුව ඔහුටද ලබන 18 වැනිදා සිට ආරම්භ වන ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවනු ඇත.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest