slc
logo
Home   |    News
ජූලි 24, 2021
ධනාත්මක ආකල්ප සමඟ ශ්‍රී ලංකාව හෙට විස්සයි-20 න් ඉන්දියාව මුණ ගැසෙයි  

sinhala editor

By Chamila Karawita

ඉන්දියාවට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත් සමඟ ක්‍රීඩකයින් තුළ ඉතා ඉහළ විශ්වාසයක් ගොඩ නැගී තිබේ. මෙතෙක් කලක් ජයග්‍රහණයට වඩා පරාජයන්ගෙන් හෙම්බත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව පැවැති සමස්ථ තරගාවලිය පරාජයට පත් වුවද කණ්ඩායමක් ලෙසින් තරගයෙන් තරගය ලද දියුණුව ක්‍රීඩකයින්ගේ ආත්ම විශ්වාසය ඉහළ යෑමට හේතු වී තිබේ. මෙම දක්ෂතා ආරෝහණය හෙට (25 දා) ආරම්භ වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා ධනාත්මක ආකල්පයක් ගොඩ නංවා තිබේ.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරිපත් වූයේ අලුතින් පත් නායක දසුන් ශානක ඇතුළු නවක ක්‍රීඩකයින්ගෙන් සමන්විතව වන නමුත් ඉන්දීය පිල නොසිතූ තරගයක් සෑම තරගයකදීම ලබා දීමට සමත්වීම තරගාවලියේ අත්කරගත් සුගතීන් අතර වේ. ඉන්දීය කණ්ඩායමද තරුණ ක්‍රීඩකයින් කීප දෙනෙකු සමඟ ක්‍රීඩා කළද අත්දැකීම් සංසන්දනය කිරීමේදී ඔවුන් සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වඩා ගවු ගණනාවක් ඉදිරියෙනි. මෙම සංචිතයේ පසුවන සියලුම ක්‍රීඩකයින් ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් ලෙසින් සැලකෙන අයි. පී. එල්. තරගාවලි කීපයකට ක්‍රීඩා කිරීම එම දක්ෂතා අතර පරතයට හේතු වී තිබේ. කෙසේ වෙතත් අත්දැකීම් බහුල ඉන්දියානුවන්ව විටෙක සලිත කරවීමට මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිල සමත්වීම වඩාත් උද්‍යෝගයට හේතුවන කරුණික.

කෙසේ වෙතත් හෙටින් ඇරඹෙන විස්සයි-20 තරගාවලිය සඳහා අයි. පී. එල්. තරගාවලිය තුළින් පෑයූ තරු බවට පත්ව සිටින ඉෂාන් කිෂාන්, රාහුල් චහර්, ප්‍රිතිව් ෂෝ, හර්දික් පාණ්ඩ්‍යා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලද සූර්යකුමාර් යාදව්ද පසුවන්නේ පළපුරුදු ක්‍රීඩකයින් වන නායක ශිකර් ධවාන් සහ උප නායක භුවනේෂ්වර් කුමාර් කණ්ඩායමේ පෙරමුණ ගෙන සිටිද්දීය. දෙවැනි එක්දින තරගය ජයග්‍රහණය කරා රැගෙන ගිය දීපාක් චහර්ද විස්සයි-20 තරග අංශයේ අමතක කළ නොහැකි දක්ෂයෙකි.

කෙසේ වෙතත් හෙටින් ආරම්භ වන විස්සයි-20 තරගාවලිය ඉන්දියාවට අභියෝගයක් වීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් දක්ෂතා අතරට පැමිණිය යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතාගේ මතය වී තිබේ. මෙම තරගාවලිය ඉලක්ක කර ගනිමින් අද පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි දකුණු අප්‍රිකානු ජාතිකයා, “අපේ සියළුම අංශ දැන් ගැඹුරක් නිර්මාණය කරගෙන සිටිනවා. ඒ නිසා පන්දුවට පහර දීමේදී අපි නිරන්තයෙන්ම දක්ෂතා රඳවා ගනිමින් එයට අනුකූල විය යුතුයි” යැයි සඳහන් කර සිටියේය.

“අපේ ක්‍රීඩකයින් තුළ මා දැකි තිබෙන වර්ධනය අති විශිෂ්ඨයි. වර්ධනය පැමිණෙන්නේ දිගින් දිගටම ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීමේදී එන විශ්වාසය නිසයි. අපිට මෙහි ප්‍රගතිය අනාගතයේදී දක ගන්න පුලුවන් වේවි” යැයි 53 හැවිරිදි වියේ පසුවන ආතර් සඳහන් කර සිටියි.  ඉන්දියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදීද තම ක්‍රීඩකයින් ගොඩක් දේ ඉගෙන ගත් බවද ප්‍රධාන පුහුණුකරු මෙහිදී අවධාරණය කර සිටියේයස.

විස්සයි-20 තරගවල ලද අත්දැකීම් අනුව ආරම්භක පිතිකරුවා වන ප්‍රිතිව් ෂෝ මෙන්ම ඉෂාන් කිෂාන් වැන්නවුන්ට පළමු පන්දුවේ සිටම ප්‍රහාරාත්මක පිති ප්‍රහාරයන් දියත් කිරීමට ඇති හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අමුතුවෙන් කියා දිය යුතු නොවේ. ඔවුන් ඉන්දීය පිතිකරුවන්ට ආක්‍රමණශීලී පිතිහරඹ රටාවට යෑම නැවැත්වීම සඳහා ගත හැකි සෑම උත්සාහයක්ම ගනු ඇත.

දෙරට අතර ඉතිහාසය ගෙන බැලුවද අවස්ථා 13 කදී ජය වාර්තා කිරීමට සංචාරකයින් සමත්ව සිටියි. මුණ ගැසී තිබෙන අවස්ථා 19 න් ශ්‍රී ලංකාව ජය ගෙන සිටින්නේ තරග 5 ක් පමණි. විසඳුමකින් තොරව එක් තරගයක් අවසන් වී තිබෙන බැවින් ඉතිහාසය ශ්‍රී ලංකාවට කිසි ලෙසකින් සහයෝගයක් ලබා නොදෙනු ඇත.

“ඇත්තටම ලොකු විශ්වාසයක් තියෙනවා විස්සයි-20 තරගාවලිය සඳහා. මම වෙනදා බැට් කරනවා වගේ ගොඩක් වෙලාවට බැට් කළේ. නෑ, පවර් ප්ලේ එකේ මගේ විදියට බැට් කළා. හැබැයි ඊට පස්සේ ටීම් එකට ඕන දේ තමයි කරන්න බැලුවේ. ඒකත්  එක්ක ඉස්සරහට තියෙන විස්සයි-20 තරගාවලියට හොඳ විශ්වාසයක් ගොඩ නැඟිලා තියෙනවා” යැයි හෙට ආරම්භ වන තරගාවලිය පිළිබඳව අවිෂ්ක ප්‍රනාන්දු අදහස් දක්වා සිටියේය. .  

ඉන්දියාව පරදවා කඩුලු 3 ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පිල වාර්තා කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලද අවිෂ්ක ප්‍රනාන්දු ඒ පිළිබඳව අදහස් දක්වා සිටියේය. අවසන් තරගයේ රැස් කරන ලද ලකුණු76 ද සමඟින් ඉන්දියාවට එරෙහිව තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්විය.

සිය ඉනිම පිළිබඳව අදහස් දක්වා සිටි දකුණත් ආරම්භක පිතිකරුවා, දක්ෂතා අතරට පැමිණීමට තාක්ෂණික පැත්තෙන් සුලු වෙනස්කමක් සිදුකළ බවත් එය ලකුණු අතරට පැමිණීමට මනා ලෙස ඉවහල් වූ බවත් සඳහන් කර සිටියේය.

” ඇත්තටම මම එංගලන්තයේදී බැට් කරපු විදියට වඩා පොඩි පොඩි දේවල් ටිකක් මේ තරගාවලියේදී වෙනස් කළා. ඒ දේ මට ඇත්තටම ලකුණු අතරට එන්න ලොකු උදව්වක් වුණා මේ තරගාවලියේදී.” යැයි පැවැසූ අවිෂ්ක, “එංගලන්තයේදී ඉදිරි පාදය තරමක් පිට ඉන්නඑ එහාට යන ගතියක් තිබුණා. තාක්ෂිනික වෙනස්කමක් කරලා ඒ මම හදා ගත්තා. ඉතිං ඒ දෙයින් මට ලකුණු වලට යන්න පුලුවන් වුණා” සඳහන් කර සිටියේය.

ලකුණු 227 ක ජයග්‍රහණයක් හඹා යෑමේදී ශ්‍රී ලංකා ඉනිම ඇරැඹි අවිෂ්ක පවර් ප්ලේ අවස්ථාවේදී මුහුණ දුන් පන්දු 30 දී ලකුණු 32 ක් ලබා ගැනීමට සමත්වූවේය. නමුත් තරගයට මැදට යත්ම ප්‍රහාරාත්මක පිතිහරඹ රටාව වෙනුවට ඔහු යාර 30 සීමාවට එහාට පන්දුව යොමු කරමින් ලකුණ දෙක තම ඉනිමට එකතු කරගත්තේය. 37 වැනි පන්දුවාරය තෙක් පන්දුවට පහර දුන් අවිෂ්ක පවර් ප්ලේ අවස්ථාවේදී එල්ල කරන ලද හතරේ පහර වලට අමතරව එක් හතරේ පහරකින් පමණක් සිය ඉනිම වර්ණවත් කර ගත්තේය.

මේ අතර ආබාධයක් හේතුවෙන් තෙවැනි තරගයට ක්‍රීඩා නොකළ වනිඳු හසරංගද හෙට තරගය සඳහා වන කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තරම් සූදානමකින් සිටින අතර ප්‍රවීන් ජයවික්‍රම සහ අකිල ධනංජයද පන්දු යවන්නන් ලෙස විශ්වාසය ගොඩ නඟා ගෙන සිටීම ශ්‍රී ලංකාවට සුබදායක වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, පැතුම් නිස්සංක, චරිත් අසලංක, වනිඳු හසරංග, අෂේන් බණ්ඩාර, මිනෝද් භානුක, ළහිරු උදාර, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ශිරාන් ප්‍රනාන්දු, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, ප්‍රවීන් ජයවික්‍රම, අසිත ප්‍රනාන්දු, කසුන් රජිත, ළහිරු කුමාර, ඉසුරු උදාන.

ඉන්දීය කණ්ඩායම – ශිකර් ධවාන් (නායක), භුවනේෂ්වර් කුමාර් (උප නායක), ප්‍රිතිව් ෂා, දෙව්දත් පඩිකාල්, රුටුරාජ් ගයික්වාද්, සූර්යකුමාර් යාදව්, මනීෂ් පාන්ඩේ, හර්දික් පාන්ඩ්‍යා, නිටිෂ් රානා, ඉෂාන් කිෂාන්, සංජු සැම්සන්, යුස්වේන්ද්‍ර චෙහල්, රාහුල් චහාර්, කේ. ගෞතම්, කෘනාල් පාන්ඩ්‍යා, කුල්දීප් යාදව්, වරුන් චක්‍රවර්තී, දීපක් චහාර්, නව්දීප් සයිනි, චේතන් සකරියා.

Active filters

Recent Posts

  • වසරක් ඇතුළත ඒස් කැපිටල් දෙවැනි ශූරතාවත් දිනයි
    අංක 10 පිතිකරු දනාල් හේමානන්ද (70) සමග එකතු වූ සසංක නිර්මාල් නොදැවී ලකුණු 106 ක් ද සමඟ නව වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 166 ක සම්බන්ධතාව හේතු […]
  • පළමු වතාවට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මාසයේ ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි
    අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලබන සැප්තැම්බර් මසට අදාළ විශීෂ්ඨතම දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී තිබීම කැපී පෙනෙයි. තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් […]
  • සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ධුරයට
    මෙතෙක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙසින් කටයුතු කළ සනත් ජයසූරියව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • පළමු වතාවට NSL එක්දින ශූරතාව කොළඹට
    CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ […]
  • චරිත්ගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද  පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee