slc
Home   |    News
ජූලි 30, 2021
ධනුෂ්ක – කුසල් සහ දික්වැල්ලට වසරක ජාත්‍යන්තර තරග තහනමක්

sinhala editor

එංගලන්ත සංචාරය අතරතුරදී විනය විරෝධී ලෙස හැසිරීම ගැනීම සම්බන්ධව ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලට එල්ල වුණු චෝදනා යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කරන ලද ස්වාධීන විමර්ෂණ මණ්ඩලය විසින් නිකුත් කරන ලද වාර්තාවේ නිර්දේශයන් 3 ක් පිළිබඳව සලකා බලමින් ඔවුන්ට එරෙහිව දඬුවම් ලබා දීමට අද (30 දා) රැස් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් විධියක සභාව තීරණය කර තිබේ.

ඒ අනුව මෙම ක්‍රීඩකයින් තිදෙනාට සෑම ආකාරයෙකම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව වසරක කාලයක් සහ දේශීය ක්‍රීඩාව මාස 6 ක කාලයක් තහනම් වන පරිදි ලබා දීමට තීරණය කර තිබේ. ඊට අමතරව එක් ක්‍රීඩකයකුගෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 10 ක දඩයක්ද ගෙවීමට නියෝග කර තිබෙන අතර වසරක තරග තහනම අවසන් වීමෙන් පසු එය වසර දෙකක කාලයක් අත්හිටුවූ දඬුවමක් වශයෙන්ද ලබා දීමට තීරණය කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියම කරන ලද වෛද්‍යවරයකු යටතේ අනිවාර්යය උපදේශනයකටද මොවුන් තිදෙනා සහභාගිවිය යුතු වේ.

කොවිඩ් 19 ආරක්ෂණ මාර්ගෝපදේශ බිඳ දමමින් කණ්ඩායම් කළමනාකරණයේ උපදෙස් සහ රෙගුලාසී උල්ලංඝනය සේ කටයුතු කොට කණ්ඩායමේ සාමාජිකයින් සහ එම සංචාරයට සම්බන්ධ වෙනත් අයගේ ආරක්ෂාව අනතුරරේ දැමීම, රාත්‍රී 10.30 වන විට සිය කාමරයට නොපැමිණ ඇඳිරි නීතිය සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකරණයේ උපදෙස් හා රෙගුලාසි උල්ලංඝණය කිරීම මෙන්ම එවැනි ක්‍රියාවන් තුළින් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම රටට වන අපකීර්තිය යන කරුණු 3 පිළිබඳව සලකා බලමින් මෙම දඬුවම් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව තීරණය කර තිබේ.

මෙම දඬුවම ලබා දීමේදී විමර්ෂණ කමිටුවේ නිර්දේශයන් වලට අමතරව එක් එක් ක්‍රීඩකයින් විසින් ජාතික කණ්ඩායමට ලබාදෙන දායකත්වය පිළිබඳවද සලකා බලමින් උක්ත දඬුවම ලබා දීමට අද රැස් වුණු විධායක කමිටුව ඒකමතිකව තීරණය කර තිබේ.

ධනුෂ්ක-කුසල්-දික්වැල්ලගේ දඬුවමේ කාලය අඩු වුණත් දඩ මුදල දෙගුණ වෙයි

එංගලන්ත තරග සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව බුබුල බිඳිමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් එල්ල වුණු චෝදනාවන්ට වරදකරුවන් ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලට එරෙහිව විනය කමිටුව විසින් ලබා දුන් තීරණය සංශෝධනය කරමින් එය වසර තරග තහනමක් දක්වා අඩු කිරීමට අද 30 වැනිදා රැස් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව තීරණය කර තිබේ.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂ විමර්ෂණ කමිටුව විසින් වරදකරුවන් තිදෙනාට ඩොලර් 25,000 ක් වන සේ නියම කරන ලද දඩ මුදලද රුපියල් මිලියන 10 ක් දක්වා වැඩි කිරීමට එම රැස්වීමේදී පියවර ගෙන තිබේ.  කෙසේ වෙතත් මේ සියල්ලට අමතරව ඔවුන්ට එරෙහිව පැනවූ වසර 2 ක තරග තහනම අත්හිටුවූ තහනමක් ලෙසින්ද ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වග බලාගෙන තිබේ. තහනම ක්‍රියාත්මක කාලය ඇතුළත මොවුන් තිදෙනාට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ කිසිදු කටයුත්තකට සම්බන්ධ විය නොහැකි අතරම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිර්දේශ කරනු ලබන වෛද්‍යවරයකු යටතේ උපදේශනය ලැබීම අනිවාර්ය කර තිබේ.

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest