slc
Home   |    News
ජූලි 30, 2021
ධවාන් සහ ඩ්‍රාවිඩ් ලබා දුන් උපදෙස් ගැන දසුන් කතා කරයි!

sinhala editor

By Chamila Karawita

දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව වූ තරගාවලියට අවතීර්ණ වූයේ තරමක් තැති ගැන්මකිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට වඩා තරග අත්දැකීම් අතින් ඉන්දියානු පිල වඩාත් ඉදිරියෙන් සිටීම එයට හේතු විය. ඒ කෙසේ වෙතත් දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම, විස්සයි-20 තරග අංශයේ ලොව කප්පිත්තන් බවට පත්ව සිටින ඉන්දියානු පිලට එරෙහිව 2-1 ක් ලෙස තරගාවලිය ජය ගත්තේය. එබැවින් මෙය ශ්‍රී ලංකාවට විජයග්‍රහණයකි.

ජයග්‍රහණයන් වලට අමතුව මෙම තරගාවලියේදී සිදුවූ සුවිශේෂී සිදුවීම් රැසකි. ඉන්දීය ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා විසින් ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගැයීම, චාමික කරුණාරත්නට ක්‍රිකට් පිත්තක් ලබා දීම සහ ඉන්දීය ප්‍රධාන පුහුණුකරු වූ රාහුල් ඩ්‍රාවිඩ් විසින් ශ්‍රී ලංකා නායක දසුන් ශානකට ගුරුහරුකම් ලබා දීම ඒවාට උදාහරණය. මේ සියල්ලන්ටම වඩා ශ්‍රී ලංකාව 2-1 ක් ලෙස තරගාවලිය ජයගනු ලැබූ තෙවැනි තරගාවසානයේදී  ඉන්දීය නායක ශිකර් ධවාන් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් වට කරගනිමින් සිදුකරන ලද කතා බහ පිළිබඳව බොහෝ දෙනාගේ දැඩි අවධානය යොමු වුණු කරුණක් බවට පත්විය.

එම අදහස් දැක්වීම පිළිබඳව කරුණු දැන ගැනීමට හොඳම සුදුස්සා වන ශ්‍රී ලංකා නායක දසුන් ශානක, ධවාන් විසින් තම කණ්ඩායමට ලබා දුන් උපදෙස් සාරාංශ ගත කරන ලද්දේ මේ අයුරිනි.

“ශිකර් (ධවාන් ) ගත්තහම අවුරුදු 10 කට වැඩිය ජාත්‍යන්තරයේ සෙල්ලම් කරලා අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක්. එයා තරගයකට සූදානම් වෙන විදිය. තරගය සදහා සැලසුම් සකස් කරන විදිය. ඒ වගේම අවස්ථානුකූලව තරගය හසුරුවීම වගේ දේවල් ගැන අපි කතා කළා. නායකයෙක් විදියට මටත් කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයින්ට ඒ දේවල් වැදගත්. මොකද ක්‍රීඩා කරද්දී හැම දේ පිළිබඳව ඔවුන් හොඳ අවධානයක් යොමු කරලා ක්‍රීඩා කරන නිසා”.

“අපි ක්‍රීඩකයෝ විදියට කොයි තරම් දුරට ඒ පැති ගැන අවධානය යොමු කරලා තියෙනවද කියලා දැනගන්න මට පෞද්ගලිකවම අදහසක් තිබ්බා. ඒ වගේ ක්‍රීඩකයෙක් එක්ක කතා කරොතින් අපේ අයට යම්කිසි දැනුමක් ලබාගන්න පුලුවන් කියලා අපේ ක්‍රීඩාව කොහොමද ඉහළට දාගන්න කියලා. ඉතිං ඒ තැනට අපි යන්න ඕන. අපේ රටේ ක්‍රීඩකයින් වගේම වෙනත් රටවල ක්‍රීඩකයින් කරන දේවලුත් දැනගන්න එක ඉතාමත් වැදගත්. අපේ පරණ ක්‍රීඩකයින්ගෙනුත් අපි ආදර්ශ ලබා ගන්නවා. ඒ වගේම මේක හොඳ අවස්ථාවක් ඔවුන්ගේ අයි.පී.එල්. අත්දැකීම් සහ ජාත්‍යන්තර මට්ටමේ අදහස් ලබාගැනීමට. මම ප්‍රශංසා කරනවා ඔහු ඒ අවස්ථාව ලබා දීම සම්බන්ධව” යැයි ඒ පිළිබඳව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසා සිටියේය.‍ෙ

මේ අතර මෙම කතා බහට ප්‍රථම ශ්‍රී ලංකා නායකයා ඉන්දීය පිලේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් සමඟද ක්‍රීඩාංගණය තුළදී කතා බහක නිරත වන අයුරුද බොහෝ දෙනා අවධානය යොමු කර සිටියහ. “රාහුල් ඩ්‍රාවිඩ් එක්කත් කතා කළේ එයාලගේ පිතිකරුවන් තරගයට ප්‍රවේශය ලබා ගන්නේ කොයි වගේද කියන එක ගැන දැනගන්න. මොකද කියනවා නම් ඉන්දියානු ක්‍රීඩකයින් තරගයට ආවම ඔවුන් ලොකු විශ්වාසයකින් ක්‍රීඩා කරන නිසා. ඒ හැරුණහම මම කළින් කිව්ව වගේම ශිකර් එක්ක කතා කරා වගේම තමයි එයත් එක්ක කතා කළේ” තරගාවලි අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී දසුන් ශානක වැඩිදුරටත් අදහස් පළ කර සිටියේය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest