slc
Home   |    News
ජූලි 23, 2021
පන්දු යවන්නෝ ඉන්දීය පිල ග්‍රහණයට ගනිති – ශ්‍රී ලංකාවට ලකුණු 227 ක ඉලක්කයක්

sinhala editor

By Chamila Karawita

කණ්ඩායම සතු නවකයින්ගේ ශක්තිය උරගා බැලීම සඳහා ක්‍රීඩකයින් පස් දෙනෙකුට එක්දින වරම් හිමිකර දෙමින් අවතීර්ණ වුණු ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීයකණ්ඩායම කරකවා ඇතහැරි ප්‍රවීන් ජයවික්‍රම සහ අකිල ධනංජය ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉන්දීය ඉනිම පන්දුවාර 43.1 කදී ලකුණු 225 කට සීමා කළහ.

පළමු පන්දුවාර 4 ඇතුළත ලකුණු 35 ක් රැස් කරමින් වේගවත් ආරම්භයක් ලබා ගනිමින්ද ප්‍රිතිව් ෂෝ සහ සංජු සැම්සන් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක් ලෙසින් සාර්ථක කඩුලු සම්බන්ධතාවයක් පවත්වමින් පහසුවෙන්ම ලකුණු 300 සීමාව ඉක්මවා යෑමට අවශ්‍ය මූලික අඩිතාලම ඔවුන් එක් කළහ. එහෙයින් 23 වැනි පන්දුවාරය අවසන් වන විට තරගය වර්ෂාව හේතුවෙන් අවසන් කරන විටත් ඉන්දීය ඉනිම කඩුලු 3 කට ලකුණු 147 ක් ලෙසින් සටහන්ව තිබිණ.

මිනිත්තු 100 කට ආසන්න ප්‍රමාදවීමකින් පසු පන්දුවාර 47 කට සීමාව ඇරැඹි මෙම ඉනිමේදී එක්දින වරම් හිමිකරගනිමින් තරග වැදි ප්‍රවීන් ජයවික්‍රම සහ අකිල ධනංජයගේ පන්දු යැවීම කැපී පෙනිණ. ඉන්දීය ඉනිම ලකුණු 225 කදී නිමාවට පත් වන විට වමත් සහ දකුණත් දඟ පන්දු යවන්නන් දෙදෙනා කඩුලු 3 බැගින් දවාගත්හ.

එක්දින තරග වරම් දිනූ සංජු සැම්සන්ව දවා ගත් ජයවික්‍රම, ඉන්දීය පිල අසීරුතාවයට ඇද දැමීමේ ප්‍රධාන දැළ එළීය. ඉන් නොනැවතුණු ඔහු කණ්ඩායම සතු ප්‍රධානතම පිතිකරුවන් යුගලයක් වන මනීෂ් පාන්ඩේ සහ හර්දික් පාණ්ඩ්‍යාගේ කඩුලුද දවා ගත්තේය. මනීෂ් පාණ්ඩේගේ කඩුල්ල දැවී යෑමත් සමඟ ඉන්දීය ඉනිමට කණකොකා හැඬීම ඇරැඹිණ. පාන්ඩේ දැවී යෑමට ප්‍රථම ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 157 ක් ලෙස සටහන්ව තිබූ නමුත් ඉතිරි සියල්ලන්ටම රැස් කරගත හැකි වූයේ ලකුණු 68 ක් පමණි.

ජයවික්‍රමට නොදැවෙනි පන්දු යැවීමක නිරත වුණු අකිල ධනංජය සූර්යකුමාර් යාදව්ගේ කඩුල්ලද දවා ගනු ලැබුවේ සියලු වාසීන් ශ්‍රී ලංකාව වෙත හරවා දෙමිනි. අනතුරුව ක්‍රිෂ්නප්පා ගෞතම් සහ නිතීෂ් රානාවද දවා ගත් අකිල පන්දු වාර 10 දී ලකුණු 44 කට කඩුලු 3 ක් දවා ගනිමින් ඉනිමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූවේය. මංගල තරගයේදී පන්දුවාර 10 ම සම්පූර්ණ කළ වමත් දඟ පන්දු යවන්නා ජයවික්‍රම ලකුණු 59 කට කඩුලු 3 ක් ලෙසින් සිය පන්දු යැවීම සටහන් කරගත්තේය.

ඊට පෙර ජයවික්‍රමගේ පන්දුවක් හමුවේ යාදව් කඩුල්ල මුවා කර වරදට හසුව දැවී ගිය පිතිකරුවකු බවට ප්‍රධාන විනිසුරු සංඥා කළ අතර එය තෙවැනි විනිසුරු වෙත යොමු කිරීමේදී ඒ සඳහා වැඩි කාලයක් ගතවිය. තමා දැවී ගිය පිතිකරුවකු ලෙස සිතා යාදව් ක්‍රීඩාගාරය වෙත යමින් සිටි අතර තෙවැනි විනිසුරු එය දැවී නොයෑමක් ලෙස සටහන් කිරීම නිසා නැවතත් පන්දුවට පහර දීමේ වාසනාව ඔහුට උදාවිය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉන්දීය පිතිකරුවන් කෙතරම් හොඳින් පාලනය කළේද කිවහොත් යවන ලද පන්දු වලින් 140 ක්ම නිලකුණු පන්දු ලෙසින් යවනු ලැබීය. 78 වතාවක් එක් ලකුණ බැගින්ද, 12 වතාවක් ලකුණු දෙක බැගින්ද එක් වතාවක් ලකුණු 3 බැගින්ද රැස් කරගත් ඉන්දීය ඉනිම, හයේ පහරකින් සහ හතරේ පහර 26 ක් පමණක් ඇතුළත්ව තිබිණ. අද තරගයේදී වූ සුවිශේෂී සිදුවීම වූයේ ඉන්දීය එකම පිතිකරුවකුට හෝ ලකුණු 50 සීමාව ඉක්මවා ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ කඩ ලබා නොදීමය. ඉන්දියාව වෙනුවෙන් ප්‍රිතිව් ෂෝ (49), සංජු සැම්සන් (46) සහ සූර්යකුමාර් යාදව් (40)  පමණක් ලකුණු 40 සීමාව ඉක්මවා ලබා ගනිද්දී සෙසු පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමට දැඩි වෙහෙසක් ගත්හ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest