slc
logo
Home   |    News
ජූලි 30, 2021
පළමු වතාවට ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව විස්සයි-20 තරගාවලි ජයක් ලබයි

sinhala editor

By Chamila Karawita

විස්සයි-20 තරග අංශය යටතේ උපන්දිනය යෙදී ඇති දිනෙකදී ලොව පන්දු යවන්නකු විසින් වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම වාර්තා කරමින් වනිඳු හසරංග දක්වන ලද සුපිරි දක්ෂතාවයත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අදහාගත හැකි පන්දු රැකීමත් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම අද (29 දා) සමත්විය. කඩුලු 7 ක ජයග්‍රහණයක් ලෙසින් සටහන් වුණු මෙම තරග ජයග්‍රහණ, දෙරට අතර විස්සයි-20 තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව විසින් ඉන්දීය කණ්ඩායම පරාජය කරන ලද පළමු විස්සයි-20 තරගාවලිය ලෙසින්ද ඉතිහාසගත විය.

ලකුණු 82 ක ඉලක්කයක් හඹා යෑමේදී ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ කඩුලු 3 ක් පමණක් ලබා දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉලක්කය සපුරා ගන්නා ලද්දේ ප්‍රධාන විනිසුරු කුමාර් ධර්මසේන ලබා දුන් වයිඩ් පන්දුවත් සමඟිනි. ලකුණු සංඛ්‍යාව සමව පැවැති එම අවස්ථාවේදී ධනංජය ද සිල්වා පා දැවී ගිය පිතිකරුවකු ලෙස ප්‍රධාන විනිසුරු සංඥා කළද එය තෙවැනි විනිසුරු වෙත යොමු කිරීමේදී එය පිත්තේ නොවැදුණු පන්දුවක් ලෙසින් පා ඉන්නෙන් පිටතට ඇදී ගිය බැවින් තෙවැනි විනිසුරුවරයාගේ තීරණය එය නොදැවී යෑමක් විය. එබැවින් ප්‍රධාන විනිසුරු එය වයිඩ් පන්දුවක් ලෙස සංඥා කිරීමත් සමඟ ශ්‍රී ලංකාවට තරගයේ ජය හිමිවිය.

පන්දු 33 ක් මුළුමනින්ම ලකුණු පුවරුවේ ඉතිරිව ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් වද්දී ධනංජය ද සිල්වා ලකුණු 23 ක් සහ වනිඳු හසරංගට ලකුණු 14 ක් ලබා සිටියහ.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල නියමිත පන්දුවාර 20 ඇතුළත කඩුලු 8 ක් දැවී ලබාගත් ලකුණු 81, ඉන්දීය කණ්ඩායමක් විස්සයි-20 තරග අංශයේ ලබාගත් තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. මෙම ලකුණු සංඛ්‍යාව දෙවැනි වන්නේ 2008 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව දැවී ගිය ලකුණු 74 ත් 2016 වසරේදී නවසීලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 79 ට පමණි.

ඉන්දීය පිල ලකුණු 80 සීමාවේ රඳවා ගැනීමට පන්දු යැවීමෙන් කැපී පෙනුණු වනිඳු හසරංග සිය පන්දුවාර 4 දී ලකුණු 09 කට කඩුලු 4 ක් දවාගත්තේය. විස්සයි-20 පන්දුයවන්නන් අතර දෙවැනි ස්ථානයේ රැඳී සිටින දකුණත් පා දඟ පන්දු යවන්නා සිය 24 වැනි උපන්දිනය යෙදී තිබුණු අද දිනයේදී පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට වඩ වඩාත් ළංවූවේය.

රුටුරාජ් ගයික්වාද් (14), සංජු සැම්සන් (00), භුවනේෂ්වර් කුමාර් (16), සහ වරුන් චක්‍රවර්තී (00) හසරංගගේ පන්දු හමුවේ දැවී ගිය පිතිකරුවන් බවට පත්වූ අතර එහිදී උප නායක භුවනේෂ්වර්ව දවා ගැනීම වෙනුවෙන් නායක දසුන් ශානක රැකගත් උඩ පන්දුව විශිෂ්ඨ ගණයේ විය. එම උඩ පන්දුවට අමතරව නිතීෂ් රානා දවා ගැනීම වෙනුවෙන් පෙරළා රැක ගත් උඩ පන්දුව අති විෂ්ඨ විය. නිරන්තයෙන්ම කඩුලු දැවී යෑමත් සුපිරි ගණයේ උඩ පන්දු රැක ගැනීමත් නිසා ශ්‍රී ලංකා පන්දු රැකීම අද දිනයේදී ඉතාමත් උද්‍යෝගමත් සහ කඩිසරව පැවැතීම ඉන්දියාව පසුබැසීමට හේතුවූ තවත් කරුණක් විය.

වනිඳුට පෙර ජන්ම දිනය ලද දිනයකදී හොඳම පන්දු යැවීම වාර්තා කර ගැනීමට සමත්ව සිටියේ දකුණු අප්‍රිකානු පා දඟ පන්දු යවන ඉම්රාන් තහීර් විය. ඔහු සිය 35 වැනි උපන්දිනයදා ලකුණු 21 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත්ව සිටියේය.

ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 5 ම ලකුණු 36 ක බිඳ වැටී තිබියදී පිටියට එක් වූ භුවනේෂ්වර් කුමාර් සහ කුල්දීප් යාදව් 6 වැනි කඩුල්ලට ලකුණු 19 නොවන්නට ඉන්දීය ඉනිම ඇතැම් විට ලකුණු 50 කට අඩුවෙන් දැවී යෑමට ඉඩ කඩ තිබිණ. ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ අධිෂ්ඨාන ශක්තිය එතරම්ම ඉහළින් පැවැතිණ.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දීම සඳහා ඉන්දියානු නායකයා ගත් තීරණය වැරැදි එකක් බවට පෙන්නුම් කිරීමට ගතවූයේ පළමු පන්දුවාරයේ සිව්වැනි පන්දුව යවන තෙක් ගතවූ කාලය පමණි. දුෂ්මන්ත චමීර විසින් ශිකර් ධවාන්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ ඉන්දීය පිලට නැවත ගොඩ ඒමට නොහැකි විය. එතැන් පටන් කඩා වැටීම හැරුණු කොට ඉන්දියාවට හිස එසවීමට අවස්ථාවක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලබා නොදුන්හ. ශ්‍රී ලංකාව හමුවේ ලද මෙම තරගාවලි ජයත් සමඟ අවසන් විස්සයි-20 තරගාවලි 8 ජයගනිමින් පවත්වාගෙන ඉන්දියාව රැකගෙන ආ අඛණ්ඩ තරගාවලි ජයග්‍රහණයේ රැල්ලද නිමාවට පත්විය. සමස්ථ තරගාවලියේ පන්දු යවන්නකු ලෙසින් ශ්‍රී ලංකාව තරගාවලි ජයග්‍රහණයක් කරා රැගෙන ගිය වනිඳු හසරංග මෙම තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee