slc
Home   |    News
ජූලි 8, 2021
පිතිකරණ පුහුණුකරුට කොවිඩ් අසාධනය වෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ලබන ග්‍රාන්ට් ෆ්ලවර්ට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව අද (08 දා) සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරුවී තිබේ.

එංගලන්ත තරග සංචාරයට සහභාගිවීමෙන් අනතුරුව යළි ශ්‍රී ලංකාවට පැමිණ සිටින ෆ්ලවර්ට වෛරසය ආසාධනය වී තිබෙන බව හැඟුණු වහාම ඔහුව කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ගෙන් වෙන්කොට හුදකෙලා කිරීමට පියවර ගනු ලැබීය. කෙසේ වෙතත් ඔහු මේ වන විට වෛසරය ආසාධනය වීමේදී අනුගමනය කරනු ලබන වෛද්‍ය උපදෙස් වලට අනුව කටයුතු කරනු ඇත.

පිතිකරණ පුහුණුකරුට වෛරසය ආසාධනය වීම මත ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින්ට සියල්ල අද පස්වරුවේදී යළිත් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කරනු ලැබීය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest