slc
Home   |    News
ජූලි 14, 2021
පූර්ණ සංචිතයම පුහුණුවීම් අරඹති

sinhala editor

By Chamila Karawita

ගෙවී ගිය දින දෙක තුළදී කුඩා කණ්ඩායම් වශයෙන් පුහුණුවීම් වල නිරත ඉන්දීය තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා පුහුණු සංචිතයේ සියළුම ක්‍රීඩකයින් අද (14 දා) පස්වරුවේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් වලට සහභාගිවූහ.

හෝරා 4 කට ආසන්නව ක්‍රියාත්මක වුණු එම පුහුණු සැසිය ප්‍රධාන වශයෙන් දැල් පුහුණුවීම් සහ පන්දු රැකීමේ පුහුණුවීම් වශයෙන් කොටස් දෙකක් යටතේ පැවැත්විණි. මෙහිදී දැක ගැනීමට හැකි වූ සුවිශේෂීම සිදුවීම වූයේ ගතවූ දින දෙකේදී ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ඇතුළු ජාතික කණ්ඩායමේ කටයුතු කරනු ලබන පුහුණුකරුවන් වේග පන්දු පුහුණුකරු චමින්ද වාස්, භෞත චිකිත්සක බ්‍රෙට් හැරප් සහ අභ්‍යාසක ඩිල්ෂාන් ෆොන්සේකා යන මහත්වරුද සහභාගිව සිටීමය.

එංගලන්ත තරග සංචාරය සඳහා සහභාගි වුණු පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ පරිගණක දත්ත සැපයුම්කරු වන ටී.ජී. නිරෝෂන්ට කොවිඩ් ආසාධනයවීම හේතුවෙන් එම සංචාරයට සහභාගිවුණු පුහුණුකරුවන්ට සහ සහාය කාර්යය මණ්ඩලයට කණ්ඩායම සමඟ පුහුණුවීම් සඳහා වූ අවසරය හිමි නොවිණ. කෙසේ වෙතත් ගෙවී ගිය දින දෙකේදී පිතිකරණ පුහුණුකරු ලෙස කැඳවීම් ලද වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ලබන ධම්මික සුදර්ශන සහ දඟ පන්දු යැවීමේ පුහුණුකරු වන පියල් විජේතුංග යන මහත්වරුන් කණ්ඩායම සමඟ වූ පුහුණුවීම් වල නියැළුණහ.

එංගලන්ත තරග සංචාරය අවසන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත් 06 වැනිදා ශ්‍රී ලංකාවට ගොඩ බැසි නමුත් කොවිඩ් අවධානම කණ්ඩායම තුලට රිංගා තිබූ කණ්ඩායමේ පුහුණුවීම් දින කීපයකට කල් දැමීමට සිදුවිය. කෙසේ වෙතත් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පළමු තරගය සඳහා තවත් දින 3 ක්ම ඉතිරිව තිබෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආලෝක ධාරා මධ්‍යයේ පුහුණුවීම් වලට සහභාගිවීමට නියමිතය.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest