slc
Home   |    News
ජූලි 25, 2021
මාධ්‍ය කුටියටත් කොවිඩ් එයි

sinhala editor

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (25 දා) පැවැත්වෙන පළමු විස්සයි-20 තරගය සඳහා සූදානමින් තබා තිබූ මාධ්‍ය කුටියේ මෙහෙයුම් සියල්ල හදිසියේම නතර කොට වසා දැමීමට පියවර ගෙන තිබේ. මාධ්‍ය කුටියට අනුයුක්තව සේවය කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සේවකයකුට කොවිඩ් 19 වෛසරය අසාධනය වී තිබෙන බව තහවුරුවීමත් සමඟ මෙම පියවර ගැනීමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබේ.

තරගය ආරම්භයට හෝරා කීපයකට ප්‍රථම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ස්ථාපනය කොට ඇති පරීක්ෂණ මධ්‍යස්ථානයේ සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන්ට් පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාධනයවී තිබෙන බව තහවුරු වී තිබේ.

ඒ අනුව යමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව කටයුතු කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු තරගයේදී මාධ්‍ය කුටියේ මෙහෙයුම් නවතා දැමීමට පියවර ගනු ලැබීය. ඒ අනුව එම ස්ථානය විෂබීජහරණය කිරීමෙන් පසු නැවතත් දෙවැනි විස්සයි-20 තරගය සඳහා නැවත විවෘත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් පසුවෙයි.

වෛරසය ආසාධනය වී තිබෙන ක්‍රිකට් ආයතන සේවකයා මේ වන විට කොවිඩ් 19 වෛසරය අදාළ සෞඛ්‍ය ක්‍රමවේදය යටතට භාජනය කොට ඇත.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest