slc
Home   |    News
ජූලි 28, 2021
රමේෂ් සහ සධීරට විස්සයි-20 වරම්

sinhala editor

තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි විස්සයි-20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට පිරිනැමීමට තීරණය කළේය.

ඉන්දීය කණ්ඩායමේ කෘනාල් පාණ්ඩ්‍යාට කොවිඩ් 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ක්‍රීඩකයින් ඔහුගේ ආශ්‍රිතයින් බවට හඳුනාගෙන සිටින දීපාක් චහර්, මනීෂ් පාන්ඩේ, හර්දික් පාණ්ඩ්‍යා, සූර්යකුමාර් යාදව් සහ ඉෂාන් කිෂාන් යන ක්‍රීඩකයින් මේ වන විට හුදෙකලා කිරීමකට ලක්ව සිටින බැවින් අද තරගයට ක්‍රීඩා නොකරන ඇත. ඒ අනුව අද තරගයේදී නවක ක්‍රීඩකයින් සිව් දෙනෙකු විස්සයි-20 වරම් දිනාගත් අතර ඔවුන් අතර දෙව්දත් පඩික්කාල්, රුටුරාජ් ගයික්වාඩ්, චේතන් සකරියා සහ නිතීෂ් රානා එම ක්‍රීඩකයෝ බවට පත්වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේදී වෙනස්කම් 2 ක් සිදුකරමින් අවතීර්ණව සිටින අතර පළමු තරගය ක්‍රීඩා කළ චරිත් අසලංක ආබාධයක් හේතුවෙන් ඉවත්ව යද්දී ඔහු වෙනුවට සධීර සමරවික්‍රමද, අෂේන් බණ්ඩාර වෙනුවට රමේෂ් මෙන්ඩිස්ට විස්සයි-20 තරග වරම් හිමිකර දෙමින් අවතීර්ණ ව සිටියි.

ශ්‍රී ලංකාව – 1. අවිෂ්ක ප්‍රනාන්දු, 2. මිනෝද් භානුක,3. සධීර සමරවික්‍රම, 4. ධනංජය ද සිල්වා, 5. රමේෂ් මෙන්ඩිස්, 6. දසුන් ශානක (නායක), 7. වනිඳු හසරංග 8.  චාමික කරුණාරත්න,  9. ඉසුරු උදාන, 10.  අකිල ධනංජය, 11. දුෂ්මන්ත චමීර.

ඉන්දියාව – 1. ශිකර් ධවාන් (නායක), 2. රුටුරාජ් ගයික්වාඩ්, 3. දෙව්දත් පඩික්කාල්, 4. සංජු සැම්සන්, 5. නිතීෂ් රානා, 6. භුවනේෂ්වර් කුමාර්, 7. කුල්දීප් යාදව්, 8. රාහුල් චහර්, 9. නව්දීප් සයිනි, 10. චේතන් සකරියා, 11. වරුන් චක්‍රවර්තී.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest