slc
logo
Home   |    News
ජූලි 28, 2021
ලොව හොඳම විස්සයි-20 පන්දු යවන්නන් අතර වනිඳු දෙවැනි තැනට

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි-20 පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට පා දඟ පන්දු යවන වනිඳු හසරංග සමත්වී සිටියි. මේ වන විට 23 වැනි වියේ පසුවන දකුණතින් පන්දු යවන වනිඳු, ජාත්‍යන්තර ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමක දිනාගත් ඉහළම ස්ථානය ලෙසින්ද මෙය සටහන් වෙයි.

මේ දක්වා විස්සයි-20 තරග 21 කට ක්‍රීඩා කර ඇති වනිඳු කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 38.08 ක් රඳවා තබා ගනිමින් කඩුලු 25 ක් බිඳ හෙළා තිබේ. මෙම වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 12 ක් තුළ දවා ගත් කඩුලු 3 ඔහුගේ තරග දිවියේ හොඳම පන්දු යැවිම ලෙසින් සටහන් වේ.

ඒ අනුව වනිඳුට ඉදිරියෙන් පසුවන්නේ දකුණු අප්‍රිකානු පිල නියෝජනය කරනු ලබන තබ්‍රේස් ශම්සි වන අතර මෙතෙක් දිනක් දෙවැනි ස්ථානයේ පසු වූ ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් තෙවැනි ස්ථානය දක්වා පහත බැස සිටියි.

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee