slc
logo
Home   |    News
ජූලි 23, 2021
වනිඳු නැති තෙවැනි තරගයේදී ඉන්දියාව පළමුව පන්දුවට පහර දෙයි

sinhala editor

තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක ශිකර් ධවාන් කොළඹ ආර්. ප්‍රේමදාස තණතීරුවේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. හදිසි ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට අවතීර්ණ වන්නේ හොඳම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංගගේ සහභාගිත්වයෙන් තොරවය.

කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ අදහස් දක්වා සිටි ඉන්දීය නායකයා තෙතමනය රහිත වුණු ආර්. ප්‍රේමදාස තණතිරුව පිතිකරුවන්ට යෝග්‍ය බැවින් තමන් පන්දුවට පහර දීමට තීරණය කළ බව සඳහන් කළ සිටියේය. ඒ අනුව ඉන්දීය කණ්ඩායම මෙම තරගයේදී වෙනස් කම් 6 ක් සිදු කරමින් අවතීර්ණ වන බවද සඳහන් කළ සිටි ධවාන් ඉන් 5 දෙනෙකුම අද දිනයේදී මංගල එක්දින වරම් ලබන ක්‍රීඩකයින් බවද සඳහන් කර සිටියේය.

නිතිෂ් රානා, රාහුල් චහර්, චේටන් සකරියා, කේ. ගෞතම් සහ සංජු සැම්සන් අද දිනයේදී එක්දින වරම් ලබන ක්‍රීඩකයින් වන අතර අනෙක් ක්‍රීඩකයා වන්නේ නව්දීප් සයිනිය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස් කම් 3 ක් සිදු කරමින් අවතීර්ණ වන අතර ආබාධිත වනිඳුගේ ස්ථානය තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්ට හිමිව තිබේ. දෙවැනි තරගයේදී දැඩි ප්‍රහාරයකට ලක් වුණු ලක්ෂාන් සඳකැන් වෙනුවට අකිල ධනංජය ද වේග පන්දු යවන කසුන් රජිත වෙනුවට වමත් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රමද කැටුව ශ්‍රී ලංකා පිල අද තරගයට අවතීර්ණව සිටියි.

මෙම තරගය ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට ඉන්දියාව සමත්ව සිටින නමුත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම සඳහා වන ප්‍රසාද ලකුණු එක්කාසු කර ගැනීම වෙනුවෙන් අද තරගයේ ජයග්‍රහණය වුවද ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වනු ඇත.

සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවන සිව්වැනි තරගාවලිය වන මෙම තරගාවලිය වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම එක් ජයග්‍රහණයක් පමණක් වාර්තා කර ගනිමින් එම ප්‍රසාද ලකුණු සටහනේ 12 වැනි ස්ථානයේ රැඳී සිටියි. දෙවැනි තරගය වන විට ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 12 ක් ලබා සිටි නමුත් එම තරගයේදී එක් පන්දුවාරයක් ප්‍රමාදව යැවීමට වරද පිළිගැනීම හේතුවෙන් අයි.සී.සී. ලෝක කුසලාන සුපර් ලීගයේ කොන්දේසිවලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණක්ද අඩුවිය. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 11 දක්වා පහත බැස තිබේ.

ශ්‍රී ලංකාව – 1. අවිෂ්ක ප්‍රනාන්දු, 2. මිනෝද් භානුක,3. භානුක රාජපක්ෂ, 4. ධනංජය ද සිල්වා, 5. චරිත් අසලංක, 6. දසුන් ශානක (නායක), 7. චාමික කරුණාරත්න, 8. රමේෂ් මෙන්ඩිස්, 9. අකිල ධනංජය, 10. දුෂ්මන්ත චමීර, 11. ප්‍රවීන් ජයවික්‍රම

ඉන්දියාව – 1. ශිකර් ධවාන් (නායක), 2. ප්‍රිතිව් ෂෝ, 3. සංජු සැම්සන්, 4. මනීෂ් පාන්ඩේ, 5. සූර්යකුමාර් යාදව්, 6. හර්දික් පාණ්ඩ්‍යා, 7. නිතීස් රානා, 8. ක්‍රිෂ්නප්පා ගෞතම්, 9. රාහුල් චහර්, 10. නව්දීප් සයිනි, 11. චේතන් සකරියා.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee