slc
logo
Home   |    News
ජූලි 9, 2021
වැඩි විශ්වාසයකින් ක්‍රීඩා කරන ‘යුසී’ කෙනෙකු දැකගත හැකි වේවි – යුෂ්වේන්ද්‍ර චෙහල්

sinhala editor

ශ්‍රී ලංකාවට එරෙහිව ලබන 13 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියේදී මීට පෙර නොදුටු වඩා විශ්වාසදායී ‘යුසී’ කෙනෙකු දැක ගැනීමේ හැකියාව ප්‍රේක්ෂකයින්ට උදාවනු බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පා දඟ පන්දු යවන ක්‍රීඩක යුෂ්වේන්ද්‍ර චෙහල් සඳහන් කර සිටියි.

ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය එක්දින සහ විස්සයි-20 කණ්ඩායම සතු පළපුරුදුම පන්දු යවන්නා වන චෙහල් තරගාවලියේ අනුග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් අද (08 දා) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී දකුණත් පා දඟ පන්දු යවන්නා ඉහත අදහස් පළ කර සිටියේය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා සිටියේය. “ඇත්තටම මම බොහෝ කාලයකට පසුවයි එක්දින තරගාවලියකට ක්‍රීඩා කරන්නේ. නමුත් අපි මේ වන විටත් ශ්‍රී ලංකාවේදී පුහුණු තරග 2 කට ක්‍රීඩා කළා. අපි අපේ පුහුණුවීම් උදේ ඉඳන්ම පුහුණුවීම් සිදුකරන බැවින් මෙහි පවතින රස්නෙ දැන් අපිට පුරුදුයි. විස්සයි-20 තරග සඳහා එක්දින තරග සසඳන විට එය සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයක්. විශේෂයෙන් අපි ඒ තරග වලදී පැය තුනහමාරක් පමණ කාලයක් පමණක් ක්‍රීඩාංගණයේ රැඳී සිටීම නිසා”යි චෙහෙල් සඳහන් කර සිටියේය.

2019 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වමත් දඟ පන්දු යවන කුල්දිප් යාදව් ට අමතරව චෙහල් ඉන්දීය කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයෙකු වූවේය. කෙසේ වෙතත් එම තරගාවලියෙන් පසු චෙහල්ට ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමි නොවූ අතර අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවූයේ 2020 වසරේ නොවැම්බර් මාසයේදීය.

2019 ලෝක කුසලාන තරගාවලියෙන් පසු චෙහල් ක්‍රීඩා කරන ලද එක්දින තරග 5 දී කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 37.12 ක් ලෙසින් සටහන් වුණු අතර පන්දුවාරයකට ලකුණු 6.56 ක සාමාන්‍යයක් රඳවා ගැනීමට ඔහුට එරෙහිව ක්‍රීඩා කළ පිතිකරුවෝ සමත්වූහ.

“මගේ දක්ෂතා ගත්තහම මම හිතන්නේ නෑ එය ස්වරූපයෙන් අඩුවක් ගෙන තියෙනවා කියලා. ක්‍රීඩකයෙකුට සෑඹ තරගයකදීම දස්කම් අතරට පැමිණීමට නොහැකියි. මම මගේ මට්ටමින් දක්ෂතා අතරට එන්න උපරිම උත්සාහ කළා. කොහොම වුණත් මේ තරග මාලාව දක්ෂතා අතරට එන්න මට ගොඩක් වැදගත් වේවි” යැයි තවත් දින 5 කින් තමන් හමුවේ ඇති අභියෝගය පිළිබඳව චෙහල් අදහස් දක්වයි.

චෙහල් යනු වෙනත් පා දඟ පන්දු යවන්නන් මෙන් විශාල ලෙස පන්දුව දඟ කැවීමට උනන්දුවක් නොදක්වන පන්දු යවන්නකු වන අතර පා දඟ පන්දු යවන්නන් සතුව ඇති තුරුම්පු පන්දුව වන ‘ගුග්ලි’ පන්දුවද යහමින් යවන පන්දු යවන්නකු නොවේ. එහෙත් පිතිකරුට පා ඉන්න ප්‍රදේශයට පන්දුව පතිතර කරවමින් කඩුල්ල තුළටම පන්දුව යැවීමට සමත් කමක් දක්වන චෙහල් මෙතෙක් දවාගෙන ඇති කඩුලු වලින් 25% ක් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූවන් වන අතර 11% ක් කෙළින්ම පන්දුව කඩුල්ලේ වැදී දවාගැනීම් ලෙස සටහන් වේ.

” මේ මොහොතේ මගේ ප්‍රධානම අවධානය යොමු වෙලා තියෙන්නේ මේ තරගාවලියට. මගේ පන්දු යැවීමේදී විශේෂිත වූ පන්දු කීපයක්ම තිබෙන නමුත් ඒ සියල්ල නිරන්තරයෙන්ම භාවිතා කරන්නේ නෑ. නමුත් ඔබට මේ තරගාවලියේදී වැඩි ආත්ම විශ්වාසයකින් යුතුව පන්දු යවන ‘යුසී’ කෙනෙකු දැක ගන්නට ලැබේවි” යැයි චෙහෙල් සඳහන් කරයි.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest