slc
logo
Home   |    News
ජූලි 26, 2021
විස්සයි-20 න් ඉන්දියාව පෙරමුණ ගනියි

sinhala editor

ඉදිරි පෙළ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත් වුවත් මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන් 6 දෙනෙකුම ලකුණු 15 ක් ඇතුළත බිඳ දැමීමට භුවනේෂ්වර් කුමාර් ඇතුළු ඉන්දීය පන්දු යවන්නන් සමත්වීම මත තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 38 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද (25 දා) සමත්වූවේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ලකුණු 165 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.3 කදී ලකුණු 126 කට නවතාලූ ඉන්දීය පන්දු යවන්නෝ තරගාවලිය 1-0 ක් ලෙසින් ඉන්දීය පිල ඉදිරියට රැගෙන ගියහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් යළිත් සාර්ථක වුණු අවිෂ්ක ප්‍රනාන්දු සහ මංගල තරගයට සහභාගිවුණු චරිත් අසලංක පිතිකරණයෙන් කැපී පෙනුණද සෙසු පිතිකරුවන්ගෙන් ලැබිය යුතු සේවය නොලැබීම මෙම පරාජයට ප්‍රධාන හේතු බවට පත්විය. පළමු විස්සයි-20 ඉනිම වුවද පළපුරුදු පිතිකරුවකුගේ ලක්ෂණ විදහා පාමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණු අසලංක පන්දු 26 කදී වේගවත් ලකුණු 44 ක් රැස් කළේය. හයේ පහර 3 කින් සහ තවත් හතරේ පහර 3 කින් සිය ඉනිම සරසා ගත් අසලංක ලකුණු වේගය වැඩි කිරීමට යෑමේදී දීපාක් චහර්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

මිඩ් විකට් කළාපයේ පන්දු රැකි ප්‍රිතිව් ෂෝ උඩ පන්දුව රැක ගනිමින් අසලංකගේ ඉනිම නිමාවට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම අවසන් වීම සඳහා තවත් එක්කාසු වූයේ ලකුණු 15 ක් පමණි. තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස අද තරගයට අවතීර්ණ වුණු වනිඳු හසරංග, නායක දසුන් ශානක මෙන්ම චාමික කරුණාරත්නට කැපී පෙනෙන යමක් කිරීමට නොහැකි විය.

එහිදී පන්දු යැවීමෙන් කැපී පෙනුණු භුවනේෂ්වර් කුමාර් ලකුණු 22 කට කඩුලු 4 ක් දවා ගත් අතර අවිෂ්ක ප්‍රනාන්දු, වනිඳු හසරංග, චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර ඔහුගේ ගොදුරු බවට පත්වූහ. එම දක්ෂතාවය මත භුවනේෂ්වර් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුට අමතරව දීඵාක් චහර් ද කඩුලු 2 බිඳ දමද්දී සෙසු පන්දු යවන්නෝ එක් කඩුල්ල බැගින් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 10 බෙදා ගත්හ.

ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රිතිව් ෂෝ පළමු පන්දුවෙන්ම දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත්වූවේය. එහෙත් ධවාන්ට එක්වූ සංජු සැම්සන් ඉන්දීය ඉනිම ගොඩ ගැනීමේ කාර්යයේ නිරත වූ අතර ධවාන් ලකුණු 46 ක් සැම්සන් ලකුණු 27 ක් රැස් කළහ. වැඩිම ලකුණු ලාභියා වූයේ සූර්ය කුමාර් යාදව් වන අතර ඔහු ලකුණු 50 ක් වාර්තා කළේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් වැඩිම ප්‍රහාරයකට ලක්වූයේ අකිල ධනංජය වන අතර ඔහුගේ පන්දුවාර 4 දී ලකුණු 40 ක් ප්‍රතිවාදී පිතිකරුවෝ උදුරාගත්හ. ආරම්භය වේගවත් වුවද ඉන්දීය අවසන් පන්දුවාර 5 දී ඔවුන් රැස් කරන ලද්දේ ලකුණු 43 ක් පමණි. දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගය ලබන අඟහරුවාදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 8.00 ට ආරම්භ වනු ඇත.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee