slc
logo
Home   |    News
ජූලි 25, 2021
ශ්‍රී ලංකාව පන්දු යවයි

sinhala editor

තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (25 දා) පැවැත්වෙන පළමු විස්සයි-20 තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ඉන්දියාවට ආරාධනා කර සිටියේය.

කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායකයා දෙවැනි භාගය වන විට තණතීරුවේ සහයෝගය තව තවත් පිතිකරුවන්ට යෝග්‍ය ලෙස හැසිරෙන බැවින් පන්දු යැවීම තෝරාගත් බව සඳහන් කර සිටියේය. ශ්‍රී ලංකා පිල අද දිනයේදී චරිත් අසලංකට සහ චාමික කරුණාරත්නට විස්සයි-20 තරග වරම් දිනා දෙමින් අවතීර්ණ වී සිටියි. අවසන් එක්දින තරගයේදී කඩුලු 3 ක් දවා ගත් ප්‍රවීන් ජයවික්‍රමට අද තරගයේ ස්ථානයක් හිමිවී නොමැති.

ඉන්දිවද අද තරගයේදී ප්‍රිතිව් ෂෝ සහ දඟ පන්දු යවන වරුන් චක්‍රවර්තීට මංගල විස්සයි-20 තරග වරම් හිමිකර දෙමින් අවතීර්ණ වී සිටියි.

ශ්‍රී ලංකාව – 1. අවිෂ්ක ප්‍රනාන්දු, 2. මිනෝද් භානුක,3. ධනංජය ද සිල්වා, 4. චරිත් අසලංක, 5. දසුන් ශානක (නායක),6. අෂේන් බණ්ඩාර, 7. වනිඳු හසරංග, 8. චාමික කරුණාරත්න, 9. ඉසුරු උදාන, 10අකිල ධනංජය, 11. දුෂ්මන්ත චමීර.

ඉන්දියාව – 1. ශිකර් ධවාන් (නායක), 2. ප්‍රිතිව් ෂෝ, 3. ඉෂාන් කිෂාන්, 4.සූර්යකුමාර් යාදව්, 5. සංජු සැම්සන්, 6. හර්දික් පාණ්ඩ්‍යා, 7. කෘනාල් පාණ්ඩ්‍යා, 8. දීපාක් චහර්, 9. භුවනේෂ්වර් කුමාර්, 10. යුස්වේන්ද්‍ර චෙහල්, 11. වරුන් චක්‍රවර්තී.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar