slc
Home   |    News
ජූලි 2, 2021
ශිකර් ධවාන්ගේ ඉන්දීය කණ්ඩායම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් තක්සේරුවක්

sinhala editor

ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ දෙවැනි පෙළ ඉන්දීය කණ්ඩායමක් යැයි ඇතැම් පාර්ශ්වයන් විසින් ප්‍රකාශයන් නිකුත් කරනු ලැබුවද ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායම යනු ශක්තිමත් කණ්ඩායමක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටියි.

මෙම මස 13 වැනිදා ආරම්භ වීමට නියමිත දෙරට අතර තරගාවලියට සහභාගිවීම සඳහා මෙරටට පැමිණ සිටින 20 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් අතුරින් 14 දෙනෙකු ටෙස්ට්, එක්දින හෝ විස්සයි-20 ආකෘතීන්වලින් අවම වශයෙන් එක් ආකෘතියකට හෝ ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෝ වෙති. එබැවින් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා මෙරටට පැමිණ සිටින ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායම දෙවැනි පෙළ කණ්ඩායමක් ලෙසින් කිසි විටෙකත් සැලකිය නොහැක.

කළින් යොදා ගත් පරිදි ඉන්දීය ටෙස්ට් කණ්ඩායම එංගලන්තයට එරෙහිව තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා එංගලන්තයට ගොස් සිටියි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් ක්‍රීඩාවේ සෑම ආකෘතියක් සඳහාම ඒ ඒ සංචිතවලට විශේෂඥ දක්ෂතා දක්වන ක්‍රීඩකයින් භාවිත කරනු ලබන අතර එය ක්‍රිකට් ලොව තුළ මේ වන විට නවතම සම්මතය බවට පත්ව තිබේ. එවැනි සංචිත පවත්වාගෙන යෑමේ ප්‍රධාන පරමාර්ථය බවට පත්ව තිබෙන්නේ ඒ ඒ ආකෘතීන්වලට විශේෂ දක්ෂතාවයක් දක්වන ක්‍රීඩකයින් යොදා ගනිමින් සෑම ආකෘතියක්ම තරගකාරී ලෙස පවත්වා ගැනීම වේ. උක්ත කරුණු වලට අමතරව වෙනම සංචිත පවත්වාගෙන යෑම හරහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අනාගත තරග කාලසටහන යටතේ ඒ ඒ ක්‍රිකට් ආයතන වලට ඔවුන්ගේ ජාත්‍යන්තර බැඳීම් බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ හැකියාවද ඉටු වනු ඇත.

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest