slc
logo
Home   |    News
ජූලි 14, 2021
ඉන්දියාවට එරෙහි එක්දින සටනේ තරග තීරක තනතුර මඩුගල්ලේට

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම පිළිගැනීමකට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයකු වන රංජන් මඩුගල්ලේ මහතා නැවතත් මෙම මස 18 වැනිදා ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භ වන එක්දින සහ විස්සයි-20 තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් කටයුතු කරනු ඇත.

ඔහුට අමතරව ලොව අංක 1 විනිසුරුවරයා ලෙසින් ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව සිටින අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රභූ විනිසුරු මඩුල්ලේ සාමාජිකයකු ලෙසින් කටයුතු කරන කුමාර් ධර්මසේන මහතා ද මෙම තරගාවලියේදී විනිසුරුවරයකු ලෙසින් කටයුතු කරනු ලබයි. ජාත්‍යන්තර විනිසුරුවරයකු ලෙසින් කටයුතු කරනු ලබන රුචිර පල්ලියගුරුගේ මහතාට අමතරව රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ  ප්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරුද මෙම තරගාවලියේ විනිසුරුවන් ලෙස කටයුතු කරති.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee