slc
logo
Home   |    News
ජූලි 30, 2021
ඉන්දීයාවට එරෙහි ජයග්‍රහණයට දියත් කළ සැලසුම ගැන දසුන් දැක්වූ අදහස්

sinhala editor

විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය  2-1 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගනු ලැබූ අතර එය දෙරට අතර විස්සයි-20 තරග ඉතිහාසයේ ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලද පළමු විස්සයි-20 තරගාවලි ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය. අවසන් වතාවට 2008 වසරේදී ඉන්දියාවට එරෙහිව ලද ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයෙන් පසු ගෙවී ගිය වසර 13 ක කාලය තුළදී ඕනෑම තරග අංශයක් යටතේ ඉන්දීය කණ්ඩායමක් සිය මව්බිමේදී පරාජයට පත් කරන ලද පළමු තරගාවලිය ලෙසින්ද ඊයේ (29 දා) නිමාව දුටු විස්සයි-20 තරගාවලිය සටහන් විය. එම සුවිශේෂී ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය හමුවට පැමිණි ශ්‍රී ලංකා නායක දසුන් ශානක ඉදිරිපත් වුණු ප්‍රශ්න හමුවේ දක්වන ලද අදහස් පහත පරිදි වේ.

ප්‍රශ්නය – තරගාවලියට පෙර කණ්ඩායම තුළ සිදුකරන ලද වෙනස්කම් මොනවද…?

පිළිතුර – මට හොඳ තරුණ කණ්ඩායමක් හම්බ වෙලා තියෙනවා. මොකද එයාලා ඕන වෙලාවක අභීයෝගය භාර ගන්න ලෑස්තියි. මට නායකයෙක් විදියට ක්‍රීඩාංගණයට ගියාම මට විශ්වාසය තිබ්බා. මොකද අපි බංගලාදේශයේ සහ එංගලන්ත තරගාවලි අවසන් කරලා තමයි මේ තරගාවලියට ආවේ. එක්දින තරගවලින් අපි තරගාවලිය හොඳට පටන් ගත්තා. මට පන්දු යවන්නන් එක්ක කතා වෙලා සැලසුම් සහ උපක්‍රම හරි විදියට පාවිච්චි කළා. මොකද නායකයෙක් විදියට විකල්ප අතේ තියෙන කොට ගොඩක් ලේසියි. මම හිතනවා නායකයෙක් විදියට මම මේ තරගාවලිය වගකීම හරි විදියට ඉවර කළා කියලා. විය යුත්තේ අවස්ථානු කූලව අපේ ක්‍රීඩකයින්ව හරි විදියට පාවිච්චි කරන එක.

ප්‍රශ්නය – නායකයකු විදියට කොයි වගේ වෙනස්කම්ද කණ්ඩායම තුළ ඇති කළේ…?

පිළිතුර – අපි ක්‍රීඩා කරනකොට වට පිටාව ඉතාම වැදගත්. කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩා කරද්දී කාගෙවත් වැරදි දේවල් කතා කරන එක හොඳ නෑ. ඉතිං මම හිතනවා ක්‍රීඩාගාරයේදී සහ පුහුණුවීම්වලදී තියෙන පහසුකම් මැද්දේ අපි ගොඩක් හොඳ දේවල් කළා. වෙනදට රාත්‍රී ආහාර ගැනීම පාවිච්චි කළේ නෑ මෑත කාලයේදී. අපි ඒක පාවිච්චි කළා. ඒ වගේම පුහුණුවීම් වලදී මම නිතරම ක්‍රීඩකයින්ට කතා කළා. ඒ වගේ ගොඩක් දේවල් කළා මේ තරගාවලියෙදි.

ප්‍රශ්නය – ක්‍රීඩකයින්ට තරග කිරීමට අවශ්‍ය විශ්වාසය හදාගන්න කොහොමද ඔබේ අත්දැකීම් යොදා ගත්තේ…?

පිළිතුර – මම කළින් කිව්වා වගේ කණ්ඩායමේ වාතාවරණය තමයි වැදගත් වෙන්නේ. කණ්ඩායමේ 11 දෙනා විතරක් නොවෙයි මැද්දට යන්නේ. එළියේ ඉන්න සහයෝගය වැදගත්. අපි කතා කරන්නේ ධනාත්මක දේවල් නායකයකු විදියට මම කතා කරන විදිය. මම ඔවුන්ව හසුරන විදිය ඉතාමත් වැදගත්. මම හිතනවා මම ක්‍රීඩකයින් එක්නෙකේගෙන් දෙන්නෙක්ගෙන් යැපෙන්නේ නැතුව එකොළොස් දෙනාම අවස්ථානුකූලව තරගයට යොදා ගත්තා. මම හිතනවා තරගාවලි 2 ක් ජයග්‍රහණය කරපු එක ඉතාමත් හොඳ දෙයක්. මගේ නායකත්වයේ යටතේ. ඉදිරියේදී ගොඩක් ලොකු අභියෝග තියෙනවා. අපි මේ තරගාවලි දෙක ඉතිහාසයට විතරයි. ඒක ඉස්සරහට යද්දී වැදගත් වෙන්නේ නෑ, මම හිතන්නේ හැම වෙලාවෙම හොඳ දේවල් කරන්න අපේ ක්‍රිකට් ඉස්සරහට යයි. ඒ වගේම මේ තරගාවලියෙන් තීරණය කරන්න බෑ නායකයෙකුගේ හොඳ. ඉදිරියෙදි ගොඩක් ලොකු අභීයෝග එන්න තියෙන නිසා නායකයකු විදියට මම තව සූදානම් වෙන්න ඕන. ඒ වගේම කණ්ඩායමක් විදියට මගේ කණ්ඩායමත් ඒ අභියෝග වලට සූදානම් කරන්න බලනවා.

ප්‍රශ්නය – වනිදු හසරංගට පන්දු යැවීමට කැඳවද්දී ඔහු ගැන ඔබට තියෙන අදහස…?

පිළිතුර – ඇත්තටම ඉතාමත් ඉක්මනට ඔහු තත්ත්වයන් වලට අනුගත වුණු ක්‍රීඩකයෙක්. ඒක තමයි විය යුත්තේ. ඒක මම ගොඩක් දෙනෙක්ගෙන් මේ තරගාවලියේදී දැක්කා. දුෂ්මන්ත චමීර, අවිෂ්ක ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, ධනංජය ද සිල්වා මේ අත්දැකීම් එක්ක පෙන්නපු පරිණත භාවය ඉතාමත් වැදගත්. වනිඳු හසරංග කියන්නේ ශ්‍රේණිගත කිරීම්වල නොම්බර 2 නොවෙයි එකට එන්න ඕන ක්‍රීඩකයෙකි. මම හිතනවා ඉතාමත් ඉක්මනට නොම්බර 1 පන්දු යවන්නා වෙයි කියලා ලෝකයේ.

ප්‍රශ්නය – ධනංජය ලක්ෂාන්ට අවස්ථාවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වුණත් ඔහුට අවස්ථාවක් ලැබුණේ නෑ…?

පිළිතුර – ඇත්තටම ඔහු දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහුට අවස්ථාවක් ලබා දෙන්න තිබ්බ හොඳම තරගය තමයි මේ තරගය. නමුත් කළින් තරගයේදී පිතිකරණයෙන් පොඩි පසුබෑමකට ලක් වුණා. ඉතිං අපි මේ තරගයේදී පිතිකරුවෙක් යොදාගන්න සැලසුම් කලා. ඒක නිසා තරගය ඔහුට අහිමි වුණා. නායකයෙක් විදියට ඉස්සරහට යනකොට තේරීම් කමිටුව සමඟ කතා කරලා ඔහුව රඳවා ගන්න මම උත්සාහ කරනවා.

ප්‍රශ්නය – වනිඳුට සහයෝගයක් ලබා දෙන්න හොඳම සහායකයා විදියට ඔබ කාවද තෝරගන්නේ…?

පිළිතුර – මම හිතන්නේ විස්සයි-20 කණ්ඩායම ගත්තොත් අපිට ප්‍රධාන දඟ පන්දු යවන්නන් 3 දෙනෙක් ඉන්නවා. ප්‍රවීනුත් (ජයවික්‍රම) අපිට ඉන්නවා. ඒ වගේම මතක් කරන්න ඕන ලක්ෂාන් සඳකැන්වත්.  මේ තරගාවලියට එන්න කළින් ඔහුත් ශ්‍රේණිගත කිරීම්වල හිටියා. අකිල ධනංජය හොඳින් පන්දු යවනවා. ඔහුගේ රිද්මයට මේ තරග 2 දී පැමිණියා. ඒක ඉතාම වැදගත්. ඒ වගේම අපිත් එක්ක රමේෂ් මෙන්ඩිස් වගේම සුමින්ද ලක්ෂාන් මෙතැනට ඇවිල්ලා ඉන්නවා. තරුණ ක්‍රීඩකයින් රැසක් ඉන්නවා සැලසුම් වල. මම හිතන විදියට කණ්ඩායමෙන් කණ්ඩායමට වෙනස් සැලසුම් හදාගෙන. ඒක අපේ තරුණ ක්‍රීඩකයින් භාර ගන්න ඕන කණ්ඩායම වෙනස් වෙනකොට සංයුතිය වෙනස් වෙනවා කියන එක. ගොඩක් බලාපොරොත්තු වෙනවා තරුණ ක්‍රීඩකයින්ව ඒ ආකාරයට හරියට යොදා ගන්න.

ප්‍රශ්නය – ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ආපහු ආවොත් කොයි වගේ ශක්තියක් වේවිද කණ්ඩායමට…?

පිළිතුර – ඔවුන්ගේ අත්දැකීම් කියලා නිම කරන්න බෑ, ඇත්තටම ලොකු සේවයක් අපිට ලබාගන්න පුලුවන් ඔවුන් මෙතැනි පැමිණීමෙන්. මම හිතනවා ඔවුන් ඉදිරියේදී තරගාවලිවලට සහභාගි වෙයි කියලා.

ප්‍රශ්නය – මේ තරගාවලියේදී ඔබ පන්දු යවන්නෙක් විදියට ලද සාර්ථකත්වය පිළිබඳව දරන අදහස…?

පිළිතුර – පිතිකරුවෙක් විදියට තරගයක් ඉවර කරන්න බැරි වුණ එක ගැන මට ලොකු කණගාටුවක් තියෙනවා. එංගලන්ත තරගාවලියේදී හොඳින් පිතිකරණයේ යෙදුණා. ඉදිරි තරගවලදී ඒ අඩුපාඩුව හදාගෙන හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ වගකීම මම හරියට කරන්න ඕන. උදාහරණයක් වීම තමයි වැදගත් වෙන්නේ. පන්දු යැවීම ග්තතොත් එහෙම දිගින් දිගටම පන්දු යැවීමේ නිරත වෙලා හිටියේ. අවස්ථාවක් මට ලැබුණේ නෑ පන්දු යවන්න. පසුගිය තරගවලදී අපේ තිබ්බ ආබාධත් එක්ක චාමිකත් දිගින් දිගටම පන්දු යවලා හිටියේ. එයාවත් ආරක්ෂා කරගන්න ඕන. මොකද කැඩෙන්න දෙන්න බෑ. දුෂ්මන්තත් එහෙමයි. අන්තිම තරග වලදී අපේ ප්‍රධානම පන්දු යවන්නන් දෙන්නා වුණේ ඒ දෙන්න. මම ක්‍රීඩකයෙක් විදියට දැල තුළ පන්දු යවමින් සිටියා දිගින් දිගටම. මගේ විශ්වාසය උඩ දාගන්න නිවැරදි අවස්ථාවලදී අවස්ථාවලදී හරි විදියට පන්දු යැව්වා. මුලින්ම අඩු පන්දුවාර යවලා පස්සේ ක්‍රමයෙන් තමයි පන්දු යැවීම වැඩි කළේ. මම හිතනවා ඕනෑම කෙනෙක්ට මම පන්දු යවමින් ඉඳලා නතර කරලා නැවත පන්දු යවන්න පන්දු යවන්න අවස්ථාවක් ලැබුණොතින් මගේ උපරිමය මම ලබා දෙනවා. ඒක තමයි විය යුත්තේ. සමහර ක්‍රීඩකයින්ට අවස්ථාව ලැබෙන්නේ නෑ පන්දු යවන්න. නායකයෙක් විදියට මම දැනගන්න ඕන කොයි වෙලාවට පන්දු යවන්නන් පාවිච්චි කරන්න ඕන කියලා. මමත් මගේ පන්දුවෙන් කණ්ඩායමට කරන්න පුලුවන් උපරිම දේ ලබා දුන්නා. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදියට මගේ දායකත්වය ඉදිරියටත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

පන්දු යැවීමෙන් ප්‍රගතියක් ලැබුවත් පිතිකරණයෙන් තවමත් අඩුපාඩුවක් පෙනෙනවා. ඒ ගැටලුව මඟහරවා ගන්න ජ්‍යෙෂ්ඨයින් වන කුසල් ජනිත් හෝ ඇන්ජලෝ මැතිව්ස් වගේ ක්‍රීඩකයින් කණ්ඩායමට පැමිණීය යුතුයි කියලා හිතනවද…?

පිළිතුර – ඇත්තටම පිතිකරණය ගත්තොත් අත්දැකීම් එක්ක තමා ඒ දේ තීරණය වෙන්නේ. මොකද ‍මේ ක්‍රීඩකයින්ට මේකෙන් අවස්ථාවක් හම්බ වුණා. ඉතිං මං හිතනවා ඒ අයටත් ජ්‍යෙෂ්ඨයින්ට වගේම කණ්ඩායම තුළ ස්ථාවර වෙන්න අවස්ථාවක් ලැබිය යුතුයි කියලා. මම හිතන විදියට ඉස්සරහට කරන්න ඕන කරන්න ඕන තේරීම් කමිටුව. ඇත්තටම ගත්තොත්තින් මෙයාලා ගොඩක් පරිණත වෙලා තියෙනවා පිතිකරුවන් විදියට. ඔවුන් තරගාවලිය පුරාම ගත්තොත් එක්දින තරග තරග 3 ම හොඳට ක්‍රීඩා කළා. යම් ස්ථාවර මට්ටමකට අනිත් ටීම් එක අභියෝග කරන්න පුලුවන් මට්ටමකට අපිව රැගෙන ගියා. අපි බලන්න ඕන ඉදිරියට යද්දී කොහොමද අපේ කණ්ඩායමේ සැකසුම හදාගන්න ඕන කියලා. ඒක තමයි විය යුත්තේ.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest