slc
logo
Home   |    News
ජූලි 31, 2021
දසුන් ඇතුළු පිරිවරට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කෝටි 2ක තෑග්ගක්

sinhala editor

තීරණාත්මක තෙවැනි විස්සයි-20 තරගයෙන් ලද කඩුලු 7 ක ජයග්‍රහණයත් සමඟ ඉන්දියාවට එරෙහිව ලද විස්සයි-20 තරගාවලි ජයග්‍රහණය අගය කිරීම වෙනුවෙන් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු විස්සයි-20 කණ්ඩායමට ඩොලර් ලක්ෂයක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 2 කට වැඩි මුදලක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

මෙම ජයග්‍රහනය අත්පත් කර ගැනීමේදී ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ සහායක කාර්යය මණ්ඩලයේ උත්සාහය, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අගය කර සිටින අතර එය ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය යහපත් අතට හැරෙනු ඇති බවට විශ්වාසය පළ කර සිටියි. මේ සියළු කාරණා ගැන අවධානය යොමු කරමින් මෙම මුදල පිරිනැමීමට විධායක කමිටුව තීරණය කර තිබේ.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee