slc
logo
Home   |    News
ජූලි 27, 2021
දෙවැනි විස්සයි-20 දිනකින් කල් යයි

sinhala editor

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (27 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබුණු දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගය හෙට දිනයට කල්දමා තිබේ. අද පෙරවරුවේ සිදුකරන ලද ප්‍රතිදේහජනක පරීක්ණයකදී ඉන්දීය සංචිතයේ ක්‍රීඩකයකුට වෛසරය වැළඳී තිබීම ඊට හේතුවී තිබේ.

අද උදෑසනදී සිදුකරන ලද මෙම රැපිඩ් ඇන්ටිජන්ට් පරීක්ෂණවලදී ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන කෘනාල් පාණ්ඩ්‍යාට වෛසරය වැළඳී තිබෙන බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව ඔහු හා සමීපව කටයුතු කොට ඇති සාමාජිකයින් අට දෙනෙකුද මේ වන විට හඳුනාගෙන තිබේ.

ඒ අනුව සංචිතයේ පසුවන සෙසු අයටද වෛරසය ආසාධනය වී ඇද්දැයි සොයා බැලීම සඳහා ඉන්දීය කණ්ඩායම පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව දෙවැනි තරගය හෙට දිනයේ පැවැත්වෙන අරත ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි එක්දින තරගය කිසිදු දින සංශෝධනයකින් තොරව එදිනම පැවැත්වේ. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන දෙවැනි සහ තෙවැනි විස්සයි-20 තරගය පිට පිටම හෙට සහ අනිද්දා යන දෙදිනදී ප.ව. 8.00 ට ආරම්භ වීමට නියමිත වේ.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest