slc
logo
Home   |    News
ජූලි 25, 2021
මාධ්‍ය කුටියටත් කොවිඩ් එයි

sinhala editor

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (25 දා) පැවැත්වෙන පළමු විස්සයි-20 තරගය සඳහා සූදානමින් තබා තිබූ මාධ්‍ය කුටියේ මෙහෙයුම් සියල්ල හදිසියේම නතර කොට වසා දැමීමට පියවර ගෙන තිබේ. මාධ්‍ය කුටියට අනුයුක්තව සේවය කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සේවකයකුට කොවිඩ් 19 වෛසරය අසාධනය වී තිබෙන බව තහවුරුවීමත් සමඟ මෙම පියවර ගැනීමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබේ.

තරගය ආරම්භයට හෝරා කීපයකට ප්‍රථම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ස්ථාපනය කොට ඇති පරීක්ෂණ මධ්‍යස්ථානයේ සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන්ට් පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාධනයවී තිබෙන බව තහවුරු වී තිබේ.

ඒ අනුව යමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව කටයුතු කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු තරගයේදී මාධ්‍ය කුටියේ මෙහෙයුම් නවතා දැමීමට පියවර ගනු ලැබීය. ඒ අනුව එම ස්ථානය විෂබීජහරණය කිරීමෙන් පසු නැවතත් දෙවැනි විස්සයි-20 තරගය සඳහා නැවත විවෘත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් පසුවෙයි.

වෛරසය ආසාධනය වී තිබෙන ක්‍රිකට් ආයතන සේවකයා මේ වන විට කොවිඩ් 19 වෛසරය අදාළ සෞඛ්‍ය ක්‍රමවේදය යටතට භාජනය කොට ඇත.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා පිල තරගාවලිය සම කරයි
    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ජැමෙයිකාවේ සබිනා පාර්ක් ක්‍රීඩාංගණයේ පැවති දෙවන විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී ලකුණු 37ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් […]
  • අවිශ්කගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ට ජයග්‍රාහී ගමනක්
    ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිවීමෙන් පසු නැවතත් තම දක්ෂතා ඔප්පු කිරීමට අධිෂ්ඨානශීලීව උත්සාහ දරන අවිශ්ක ප්‍රනාන්දු තවත් වරක් තමන්ගේ වටිනාකම අද (13 3දා) පිටියේදීම සනාථ කළේය. රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට අහිමිහිරි පරාජයක්
    එංගලන්තයේ බර්මින්හැම්හි එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ලෝක කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී සත්කාරක එංගලන්තය හමුවේ ලකුණු 87ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. කාසියේ වාසිය දිනාගත් […]
  • හසිනි සහ හංසිමා අතර තේරීම් සටන මැද විශ්මි ඉදිරියට
    ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන 2026 තරගාවලියේ සමාරම්භක තරගය ලෙස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (12) බර්මින්හැම්හි එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එම තරගය සඳහා නම් […]
  • කමිඳුගේ අර්ධ ශතකය අපතේ යයි
    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේඅද (12 දා) පෙරවරුවේ (ශ්‍රී ලංකා වේලාවෙන්) පැවති පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ පෙරමුණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee