slc
logo
Home   |    News
ජූලි 30, 2021
ඉන්දියාව පැරදවූ දසුන් ඇතුළු පිරිවරට ජනපති ගෝඨාභයගෙන් සුභ පැතුම්

sinhala editor

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පිරිනමා තිබේ. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ නව ජවයකින් හා නැවුම් බලාපොරොත්තුවකින් යුතුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ බවයි.

ඒ මහතාගේ ෆේස්බුක් ගිණුමේ එක් කර තිබූ සටහනේ මෙසේ සඳහන් කර තිබේ. “නව ජවයකින් හා නැවුම් බලාපොරොත්තුවකින් යුතුව එකා වන්ව ක්‍රීඩා කරමින්, ශ්‍රී ලාංකේය ක්‍රිකට් සන්නාමය රැක ගැනීමෙහිලා අති විශිෂ්ඨ කැපවීමකින් ක්‍රීඩා කරමින් ඊයේ දිනයේදී ඉන්දියානු කණ්ඩායම සමඟ තරග වැදී තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාව වෙත හිමිකර දුන් අපගේ ක්‍රිකට් කණ්ඩායම වෙත මාගේ සුභාෂිංසනය පිරිනමමි”යි යනුවෙනි.

ජනාධිපතිවරයා එක් කරන ලද සුභ පැතුම් පණිවිඩය පහතින් දැක්වේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee