slc
Home   |    News
අගෝස්තු 20, 2021
අවසන් සටනට එන්න ප්‍රියන්ජන්ගේ ‘ග්‍රීන්ස්’ට සියුම් අවස්ථාවක්

sinhala editor

ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ  මූලික වටයේ අවසන් දින දෙක එළැඹෙත්ම අවසන් මහ තරග වරම උදාකර ගැනීම සඳහා දැඩි සටනක් නිර්මාණය වී තිබේ. සහභාගිවූ තරග 4 න් 4 ම ජයග්‍රහණය කර සිටින දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායම ඒ සඳහා වැඩි ඉඩ කඩක් වෙන්කරගෙන ඇති මුත් සහභාගිවූ තරග 4 ම පරාජයට පත්ව සිටින අශාන් ප්‍රියන්ජන්ගේ ග්‍රීන්ස් කණ්ඩායමටද තවමත් අවසන් මහ තරග වරම උදාකර ගැනීම සඳහා සියුම් අවස්ථාවක් උදාවී තිබේ.

එහෙත් ඒ සියල්ල රඳා පවතිනුයේ හෙට සහ අනිද්දා තරග වැදීමට නියමිතව තිබෙන රෙඩ්ස් සහ බ්ලූස් අතර තරග ග්‍රේස් කණ්ඩායම ජය ගතහොත් පමණි. එම තරග දෙකේම ජය ග්‍රේස් කණ්ඩායම ජය ගත්තද අවසන් කණ්ඩායම් 2 ට පැමිණීමට නම් ග්‍රීන්ස් පිලට තරග වැදීමට නියමිතව තිබෙන බ්ලූස් සහ රෙඩ්ස්ට එරෙහි තරගද ජයගැනීම අනිවාර්යය වනු ඇත.

එසේ වුවහොත් බ්ලූස්, රෙඩ්ස් සහ ග්‍රීන්ස් කණ්ඩායම් තුනම ජයග්‍රහණ දෙක බැගින් වාර්තා කර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 6 බැගින් සම තත්ත්වයට පත්වන බැවින් අවසන් මහ තරග වරමට සුදුසුකම් ලැබීම ලකුණු ලබා ගැනීමේ වේගය අනුව තීරණය වනු ඇත. මෙහිදී ග්‍රීන්ස් පිල සතු වන වාසිය වන්නේ රෙඩ්ස් කණ්ඩායමට වඩා ඔවුන්ගේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ අගයක් ගෙන තිබීමවේ.

මේ අතර ග්‍රේස් කණ්ඩායමට සහ ග්‍රීන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2 ම ජය ගැනීමට බ්ලූස් සහ රෙඩ්ස් කණ්ඩායම් සමත් වුවහොත් කණ්ඩායම් 3 ම ජයග්‍රහණ 4 බැගින් වාර්තා කර ගනිමින් කණ්ඩායම් 3 ම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව සමාන වනු ඇත. එසේ වුවහොත් අවසන් මහ තරග වරම දිනාගනු ලබන කණ්ඩායම් දෙක තේරීම ලකුණු ලබා ගැනීමේ වේගය අනුව තීරණය වනු ඇත.

හෙට දිනයේදී පළමු තරගයේදී ග්‍රීන්ස් පිල බ්ලූස් පිලද රාත්‍රී තරගයේදී ග්‍රේස් පිල රෙඩ්ස් පිලද මුණ ගැසෙන අතර අනිද්දා දිනයේදී ග්‍රේස් සහ බූල්ස් පළමු තරගයේදීද ග්‍රීන්ස් සහ රෙඩ්ස් දෙවැනි තරගයේදීද තරග වැදීමට නියමිතය. 

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest