slc
logo
Home   |    News
අගෝස්තු 13, 2021
දසුන්ගේ ග්‍රේස් පන්දුවට පහර දෙයි

sinhala editor

ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගත් ග්‍රේස් පිලේ නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. තරගාවලිය නිල වශයෙන් ඊයේ (12 දා) ආරම්භ වීමට නියමිත වුවද පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරග දෙකම අද දිනය දක්වා කල් දැමීමට පියවර ගනු ලැබීය.

මෙම තරගයේදී දෙපිළේම ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් 12 දෙනෙකු ක්‍රීඩා කරන අතර ග්‍රේස් පිල වෙනුවෙන් මිනෝද් භානුක, චතුරංග ද සිල්වා, ළහිරු මධුශංක, මිලින්ද සිරිවර්ධන සහ නුවන් ප්‍රදීප්ද ග්‍රීන්ස් පිල වෙනුවෙන් නායක අශාන් ප්‍රියන්ජන්, කමිඳු මෙන්ඩිස්, මහේල උඩවත්ත, පැතුම් නිස්සංක, රමේෂ් මෙන්ඩිස්, ළහිරු කුමාර සහ ලක්ෂාන් සඳකැන් ක්‍රීඩා කරති.

ග්‍රේස් පිල – මිනෝද් භානුක, කමිල් මිශාර, නුවනිඳු ප්‍රනාන්දු, දසුන් ශානක, චතුරංග ද සිල්වා, ළහිරු මධුශංක, මිලින්ද සිරිවර්ධන, නුවන් ප්‍රදීප්, පුලින තරංග, උදිත් මදුශාන්, අෂේන් ඩැනියෙල්.

ග්‍රීන්ස් පිල – අශාන් ප්‍රියන්ජන් (නායක), කමිඳු මෙන්ඩිස්, ළහිරු උදාර, මහේල උඩවත්ත, පැතුම් නිස්සංක, රමේෂ් මෙන්ඩිස්, සුමින්ද ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, ළහිරු කුමාර, ලක්ෂාන් සඳකැන්, සම්මු අශාන්.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar