slc
Home   |    News
අගෝස්තු 16, 2021
දසුන්ගේ පිල අපරාජිතව ඉදිරියට ඇදෙයි

sinhala editor

Chamila Karawita reporting from Pallakale

ළහිරු මදුශංක (නොදැවී 74) සහ චරිත් අසලංක (නොදැවී 54) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 73 කදී ගොඩ නංවන ලද ලකුණු 122 ක නොබිඳුණු සම්බන්ධතාව ප්‍රධාන කොට මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේ අද (16 දා) පැවැති ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයෙන් ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතු බ්ලූස් පිලට එරෙහිව ලකුණු 17 ක ජයක් වාර්තා කළේය. එම ජයග්‍රහණයත් සමඟ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් පිල මෙතෙක් රැක ගෙන ආ අපරාජිත භාවය එලෙසම රඳවා ගැනීමටද සමත්වූවේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 168 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි බ්ලූස් කණ්ඩායම වෙනුවෙන් සධීර සමරවික්‍රම ලකුණු 58 ක් වාර්තා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුවත් සෙසු පිතිකරුවන් ලකුණු අතරට පැමිණ කඩුලු අතර සාර්ථක සම්බන්ධතා ගොඩ නඟා ගැනීමට අපොහොසත්වීම මත නියමිත පන්දුවාර 20 අවසනදී බ්ලූස් පිලට කඩුලු 7 කට රැස් කරගත හැකි වූයේ ලකුණු 151 ක් පමණි.

පළමු වතාවට තරගයකට සහභාගි වුණු ධංජය ද සිල්වා හයේ පහරක් එල්ල කරමින් තරගයට අවතීර්ණ වීමට උත්සාහ කළද දසුන් ශානකගේ පන්දුවකට ඔහු පරාජයට පත්විය. එල්ල කරන ලද පහර ලසිත් කෲස්පුල්ලේ විසින් රැක ගැනීම නිසා ධනංජයගේ ඉනිම ලකුණු 12 කට සීමා විය. එම දැවී යෑමෙන් පසු ලකුණු 25 ක් ඇතුළත සහන් ආරච්චි සහ සදීර සමරවික්‍රම දැවී යෑම නිසා එතෙක් වෙලා දෙපිළටම ජයග්‍රහණය දෝලනය වුණු තරගයේ වැඩි වාසිය ග්‍රේස් පිල වෙත නතු විය. එහෙත් මැද පෙළින් පැමිණි අෂේන් බණ්ඩාර ධෛර්යවන්ත ඉනිමක නියැළෙමින් පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් ලකුණු 29 ක් රැස් කළද සිය අතට පෙරළා ආ උඩ පන්දුව රැක ගැනීමට පන්දු යැවූ දසුන් ශානක සමත්වීය.

සුරංග ලක්මාල් විසින් ක්‍රියාත්මක කරන ලද 20 වැනි පන්දුවාරයේදී ලකුණු 26 ක් තනියම උදුරා ගත් ළහිරු මදුශංක ග්‍රේස් ඉනිම අවසන් වන විට තම ඉනිම නොබිඳී තබා ගත්තේ පන්දු 39 කදී ලකුණු 74 ක් වශයෙනි. දැවැන්ත හයේ පහර 5 ක්ද තවත් හතරේ පහර 5 ක්ද සිය ඉනිමට ඇතුළත් කළ මදුශංක, අවසන් පන්දුවාර 5 දී ලකුණු 76 ක් සිය කණ්ඩායමත ලබා ගැනීමට වැඩි දායකත්වයක් දැක්වීය. අවසන් පන්දුවාරයේදී දැඩි ප්‍රහාරයකට ලක් වුණු සුරංග ලක්මාල්ගේ පන්දුවාර 4 දී ලකුණු 51 ක් උදුරා ගැනීමට ග්‍රේස් පිතිකරුවෝ සමත්වූහ.

පිටියට පිවිසි මුල් අවස්ථාවේදී තරමක සෙමෙන් ලකුණු රැස් කිරීමක නිරත වූ චරිත් අසලංක ළහිරුගේ වෙඩි වරුසාවක් බඳු පන්දුවට පහර දුන් අවසන් පන්දුවාරයේ අනෙක් අන්තයේ රැදී සිටියේය. ඒ අනුව ඉනිම හමාර වන විට පන්දු 47 කට මුහුණ දුන් අසලංක ලකුණු 54 ක් ලබා සිටියේය. මෙම තරගය අසලංක සහභාගිවුණු පළමු තරගය වන අතර එම ඉනිමේදීම අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වීම ද කැපී පෙනෙන සිදුවීමක් විය.

පළමු වතාවට තරගයකට ක්‍රීඩා කළ චරිත් අසලංක ඉනිමේ බර කරට ගත්තද පසුව පැමිණි ළහිරු මදුශංක වේගවත් ඉනිමක් දියත් කරමින් ග්‍රේස් කණ්ඩායම ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. ලකුණු 47 කට කඩුලු 4 ක් දැවී ගොස් තිබියදී එකතුවූ අසලංක-මදුශංක අවසන් පන්දුවාර 10 දී ලකුණු 111 ක් රැස් කළහ.

මෙම තරගයට පෙර ක්‍රීඩා කරන ලද ඉනිම 2 දීම අර්ධ ශතක වාර්තා කරගෙන සිටි නායක ශානක ලකුණු 8 කට දැවී ගියේ මහීෂ් තීක්ෂණගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙනි. ඉනිම ඇරැඹි මිනෝද් භානුක ධනංජය ද සිල්වාගේ පළමු පන්දුවටම කඩුල්ල මුවා කිරීමේ වරදටද ලසිත් කෲස්පුල්ලේ සහ කමිල් මිශාර මුලු ලකුණු සංඛ්‍යාව 36 ක් වන විට පිටියෙන් ඉවත් කිරීමට බ්ලූස් පන්දු යවන්නෝ සමත්වූහ. හෙට (17 වැනිදා) දිනය තරග කාල සටහනට අනුව විවේක දිනයකි.

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
USD United States (US) dollar

Pin It on Pinterest