slc
logo
Home   |    News
අගෝස්තු 30, 2021
පුලින සහ තීක්ෂණට ජාතික කණ්ඩායමට කැඳවුම්

sinhala editor

සැප්තැම්බර් 02 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායක දිනේෂ් චන්දිමාල්ව කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් 22 කුගෙන් සමන්විත සංචිතයට ඉකුත්දා කොවිඩ් වෛරසය ආසාධනය වුණු කුසල් ජනිත් පෙරේරාද වෙයි.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට නවක මුහුණු දෙකක් වන පා දඟ පන්දු යවන පුලින තරංග සහ දඟ පන්දු යවන මහේෂ් තීක්ෂණවද එක් කර තිබේ. ඉකුත්දා පල්ලකැලේදී අවසන් වුණු ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී පන්දු යවන්නන් ලෙසින් දක්වන ලද දක්ෂතා සැලකිල්ලට ගනිමින් පුලින සහ තීක්ෂණව කණ්ඩායමට නම් කර තිබේ.

ශූරතාව දිනූ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායම නියෝජනය කළ 28 හැවිරිදි පුලින එම තරගාවලියේදී ඉනිම 5 කදී කඩුලු 7 ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලාභී පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානයට පත්විය. අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබා තිබෙන පුලින කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 19.14 ක් ලෙස රඳවා ගෙන සිටියි.  දකුණතින් පා දඟ පන්දු යවන පුලින පන්දුවාරයකට ලකුණු 7.44 ක සාමාන්‍යයක් පමණක් ප්‍රතිවාදී පිතිකරුවන් හමුවේ ලබා දී තිබේ.

ආරාධිත පන්දුවාර විස්සයි-20 තරගාවලියේ ඉනිම 4 කදී පන්දු යැවූ තීක්ෂණ කඩුලු 4 ක් පමණක් දවා ගනු ලැබුවද ලකුණු ලබාගැනීමේදී ඔහුගේ පන්දු හමුවේ පිතිකරුවන් ලකුණු ලබා ගැනීමට දැඩි වෙහෙසක් ගනු දක්නට ලැබිණ.  කොටහේන ශාන්ත බෙනඩික් විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණව සිටින 21 හැවිරිදි මහීෂ්ගේ පන්දුවාරයකට ලකුණු 6.42 ක පමණ අගයක් ආරාධිත පන්දුවාර තරගාවලියේදී ඔහු ලබා දී තිබේ.

ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ සිට කණ්ඩායමෙන් ඉවත් කෙරුණු දිනේෂ් චන්දිමාල්ද ආරාධිත විස්සයි-20 තරගාවලියේදී වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර තෙවැනි ස්ථානයට පත්ව තේරීම් කමිටුවේ විශ්වාසය දිනා ගැනීමට සමත්වූවේය. තරග 6 කට ක්‍රීඩා කළ චන්දිමාල් අර්ධ ශතක 2 ක් ද සමඟ ලකුණු 183 ක් රැස් කරන ලද්දේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 36.60 ක් රඳවා ගනිමිනි.

නම් කරන ලද සෙසු ක්‍රීඩකයින් අතර දෑතෙන්ම පන්දු යැවිය හැකි ඉදිරි පෙළ පිතිකරුවකු වන කමිඳු මෙන්ඩිස්වද එක් කර තිබේ. මීට පෙර ජාතික කණ්ඩායම නියෝජනය කළ කමිඳුද ආරාධිත තරගාවලියේදී පිතිකරුවකු ලෙස කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්වූවෙකි. හෙතෙම සමස්ථ තරගාවලියේ පන්දු 115 කදී ලකුණු 193 ක් ලබා ගත්තේ හයේ පහර 8 ක්ද සමඟිනි. තෝරා ගන්නා ලද සංචිතයට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා, (උප නායක), කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, පැතුම් නිස්සංක, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, මිනෝද් භානුක, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, ළහිරු කුමාර, ළහිරු මදුශංක, පුලින තරංග, මහීෂ් තීක්ෂණ.

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee