slc
Home   |    News
අගෝස්තු 14, 2021
සැලසුම් හරියටම ක්‍රියාත්මක වුණා – අෂේන් බණ්ඩාර

sinhala editor

Chamila Karawita reporting from Pallakele

බ්ලූස් පිලේ දඟ පන්දු යවන්නන් වුණු නායක ඇන්ජලෝ පෙරේරා සහ ප්‍රවීන් ජයවික්‍රමගේ දක්ෂ පන්දු යැවීම නිසා දිනේෂ් චන්දිමාල් නායකත්වය දරනු ලබන රෙඩ්ස් පිලට එරෙහිව ලකුණු 56 ක පහසු ජයක් වාර්තා කිරීමට බ්ලූස් කණ්ඩායම සමත්වූවේය. මෙම තරගයේදී රෙඩ්ස් පිලට ලකුණු 149 ක තරම් පහසු ඉලක්කයක් හිමි වුවද බ්ලූස් පන්දු යවන්නන්ගේ දක්ෂතා හේතුවෙන් 17 වැනි පන්දුවාරයේදී ඉනිම ලකුණු 92 කට සීමා විය.

පන්දුවට පහර දීමේදී එක පිට එක කඩුලු දැවී යෑම බ්ලූස් පිල තරමක තැති ගන්වනු ලැබූ කරුණක් බවට පත් වූ නමුත් අංක 7 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිස් අෂේන් බණ්ඩාර වටිනා පිතිකරණයක නිරත වෙමින් පන්දු 25 කදී වේගවත් ලකුණු 45 ක් රැස් කළේය. හතරේ පහර 5 ක් ද ඇතුළත් වුණු එම ඉනිම අෂේන්ට තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට අවස්ථාව ලබා දුන්නේය.

“මගේ සහන්ගේ ප්ලෑන් එක තිබ්බේ  ඕවර 17 වෙනකම් විකට් එක නොදී ලකුණු වේගය රඳවා ගනිමින් ක්‍රීඩා කරන්න. ඒ දේ හරියටම කරලා තිබුණ නිසා ඒ වගේ ලකුණු සංඛ්‍යාවකට යන්න හැකියාව ලැබුණා” යැයි බණ්ඩාර තරගයෙන් අනතුරුව පැවැසීය.

බණ්ඩාර පන්දුවට පහර දීමට පැමිණෙන විට කඩුලු 5 ක් මුලු ලකුණු සංඛ්‍යාව 69 ක්ව තිබියදී දැවී ගොස් බ්ලූස් පිල අසීරු අඩියකට වැටී සිටියේය. එහෙත් සහන් ආරච්චිට එක් වුණු අෂේන්, 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවයක් පවත්වමින් බ්ලූස් පිල අසීරුතාවයෙන් මුදවා ගත්තේය. “මට තිබුණේ ගේම් එක අන්තිම වෙනකම් ඇදගෙන යන්න. ඉතිං මං හිතන්නේ ඒ දේ මට කරන්න පුලුවන් වුණා. මට ටීම් එකේ තියෙන රෝල් එක මොකද්ද කියලා අඳුනගත්තා. ඒ දේට ගොඩක් ප්‍රැක්ටිස් කළා. ඒ නිසා තමයි මේ වගේ ලකුණු අතරට එන්න පුලුවන් වුණේ” යැයි පවසන අෂේන් ” සැලසුම තිබ්බේ මුල් විකට් දෙක තුන යනකොට ආකමණික කාරී විදියට තරගයට යන්න.  ඒක තමයි බෝලර්ස්ලා ඒ දේ හරියට කරලා කළා. ඒ වගේම විකට් එක පොඩ්ඩක් මන්දගාමී වෙලා වගේ තිබ්බා. මං හිතන්නේ නායකයා ගත්ත ඩිෂිෂන් හරියට හරි. ඉතිං හරි දේවල් කරපු නිසා මේ තරගය ජය ගැනීමට හැකි වුණා” යි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest