slc
Home   |    News
සැප්තැම්බර් 4, 2021
දකුණු අප්‍රිකා තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය සයිකල් ඉන්සෙන්ස් වෙතින්

Sri Lanka Cricket

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය සඳහා සයිකල් ඉන්සෙන්ස් (Cycle Incense) ආයතනය ඉදිරිපත්ව සිටියි. සැප්තැම්බර් 02 වැනිදා සිට 14 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු මෙම තරගාවලිය ප්‍රමුඛ අන්තර්ජාල වෙළෙඳ වේදිකාවක් වන ඩරාස් (Daraz ) විසින් සවිබල ගන්වනු ලබයි.

2012 වසරේ සිටම ක්‍රිකට් ක්‍රීඩාව සමඟ අත්වැල් බැඳ ගෙන සිටින සමාගමක් වන සයිකල් ඉන්සෙන්ස් සමාගම ගෙවී ගිය දශකටකට අධික කාලයේදී ක්‍රිකට් සමඟ දැඩි සම්බන්ධතාවයක් පවත්වාගෙන ඇති ආයතනයකි. එමෙන්ම ඩරාස් ආයතනය ද ශ්‍රී ලංකාව ඇතුළු බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ පාකිස්තානය යන රටවල ක්‍රියාත්මක ප්‍රමුඛ පෙළේ අන්තර්ජාලය මත පදනම්ව වෙළෙඳාම් සිදුකරන වාණිජ සන්නාමයකි. එක්දින තරගාවලියෙන් පසු පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේද ඩරාස්, ශ්‍රී ලංකා කණ්ඩායමේ ටීෂර්ටයේ පසුපස කොටසේ (back of jersey partner) හවුල්කරු ලෙසද කටයුතු කරනු ඇත.

අදාළ අනුග්‍රාහක්තවය පිරිනැමීම සම්බන්ධව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි සයිකල් ඉන්සෙන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂක අර්ජුන් රංග මහතා, “වසර ගණනාවක් පුරාම ක්‍රිකට් ක්‍රීඩාව ම්බන්ධවීම අප ආයතනය අපූරු අත්දැකීමක් වන අතර අපි එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට උපරිම සහයෝගයක් ලබා දීමට කටයුතු කරනවා. ඒ ඇයිද කියනවා නම් ශ්‍රී ලංකා කණ්ඩායම තරුණයින්ගෙන් සමන්විත දැඩි උනන්දුවකින් යුක්ත කණ්ඩායමක් වන නිසා” යි සඳහන් කර සිටියේය.

මේ අතර ඩරාස් ආයතනයේ රඛිල් ප්‍රනාන්දු මහතාද අනුග්‍රාහකත්වය පිරිනැමීම පිළිබඳව දක්වා සිටියේ මෙවැනි අදහසකි. “ඇත්තටම ශ්‍රී ලාංකික විකුණුම්කරුවන් සහ ගැණුම්කරුවන් හා සම්බන්ධ කරන වේදිකාවක් ලෙස ශ්‍රී ලාංකිකයින් සමඟ සම්බන්ධවීමට අපට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා අපි හිතන්නේ සෑම කෙනෙකුම ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දක්වන දැඩි ඇල්ම හරහා අපේ වෙළෙඳ නාමය ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධවීමට පහසු වන බවයි” යනුවෙනි.

මෙම සමාගම් ද්විත්වයට අමතරව සම්පත් බැංකුවද තරගාවලියේ සම අනුග්‍රාහකය ආයතනයක් ලෙසින් කටයුතු කරන අතර ඔවුන්ට අමතරව Indica Easy, Munchies, PlayerZpot, සහ Fairplay News යන ආයතනද සම අනුග්‍රාහකයෝ ලෙස ඉදිරිපත්ව සිටිති. එමපමණක් නොව ඩයලොග් ආසියාටා පී.එල්.සී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල අනුග්‍රාහකවරයා ලෙසත්,  ශ්‍රී ලංකාවෙන් පිටත පැවැත්වෙන තරගාවලි අනුග්‍රාහකයා ලෙස ඩරාස් ආයතනයත් කටයුතු කරනු ඇත.

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
USD United States (US) dollar

Pin It on Pinterest