slc
logo
Home   |    News
සැප්තැම්බර් 4, 2021
පන්දුවාර 47 කට සීමා වුණු දෙවැනි තරගය ප.ව. 4 ට ඇරඹෙයි

sinhala editor

වර්ෂාව හේතුවෙන් ආරම්භය පමා කෙරුණු දෙවැනි එක්දින තරගය යළිත් පැය එකහමාරක ප්‍රමාදයකින් හෙවත් ප.ව. 4.00 ට ආරම්භ කිරීමට විනිසුරුවන් තීරණය කර තිබේ. ඒ අනුව කාසියේ වාසය උරගා බැලීම ප.ව. 3.30 ට සිදුවන අතර තරගය පන්දුවාර 47 ක තරගයක් ලෙසින් පැවැත්වෙනු ඇත.

ඒ අනුව පන්දු යැවීමේදී පන්දු යවන්නන් දෙදෙනකුට පමණක් උපරිම පන්දුවාර සංඛ්‍යාවන පන්දුවාර 10 යැවීමේ හැකියාව පවතින අතර අනෙක් තිදෙනාට පන්දුවාර 9 බැගින් යැවීමේ අවස්ථාව උදාවී තිබේ. මේ වන විට ක්‍රීඩාංගණය වසා තිබුණු වැසි ආවරණ්‍ය සියල්ලම ඉවත් කිරීමට කටයුතු යොදා තිබෙන අතර දෙපිළේම ක්‍රීඩකයින් සිය ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම වල නිරතව සිටින අයුරු දැක ගන්නට තිබේ.

Active filters

Recent Posts

  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]
  • දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු හතකින් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) කිම්බර්ලි නගරයේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී සත්කාරක දකුණු […]

Pin It on Pinterest

USD United States (US) dollar