slc
Home   |    News
සැප්තැම්බර් 2, 2021
පැරාලිම්පික් ශූරයින්ට ක්‍රිකට් වෙතින් මුදල් ත්‍යාග

sinhala editor

ටෝකියෝහි පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙල්ලය විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනාට සුභ  පැතුම් එක් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව එම විශිෂ්ඨ ජයග්‍රහණ වෙනුවෙන් මූල්‍යමය ත්‍යාග පිරිනැමීමට තීරණය කර තිබේ.

පිරිමි හෙල්ලය විසි කිරීමේ එෆ් 46 ඉසව්වේ ලෝක වාර්තාවක්ද සමඟින් රන් පදක්කම දිනාගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ එෆ් 44 හෙල්ලය විසිකරීමේ ඉසව්ව යටතේ ලෝකඩ පදක්කම දිනාගත් සමිත් දුලාන් කොඩිතුවක්කුට මුදල් ත්‍යාග පිරිනැමෙනු ඇත. මොවුන් දෙදෙනාට උපහාර පිදීමේ උත්සවය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වය ඇතුව පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.  

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest