slc
logo
Home   |    News
සැප්තැම්බර් 3, 2021
බවුමාට ශ්‍රී ලංකා තරගාවලිය අහිමිවෙයි – නව නායකයා මහරාජ්

sinhala editor

ශ්‍රී ලංකාවට සමඟ එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා මෙරටට පැමිණ සිටින දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ නායක ටෙම්බා බවුමාට තරගාවලියේ ඉදිරි තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මඟ හැරී තිබේ. ශ්‍රී ලංකාව ලකුණු 14 ක ජයක් වාර්තා කරගත් පළමු එක්දින තරගය අතරතුරදී මා පටැඟිල්ලේ ආබාධයකට මුහුණ දුන් දකුණු අප්‍රිකානු නායකයාගේ ඇඟිල්ලෙහි අස්ථී බිඳී යෑමක් නිසා තරගාවලිය අතරතුරදී නැවතත් සිය රට බලා පිටත්ව යෑමට සිදුව තිබේ.

දකුණු අප්‍රිකානු 26 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වද්දී වනිඳු හසරංග යොමු කරන ලද පන්දුව බවුමාගේ දකුණත් පහපටඟිල්ලේ වැදිණ. වේදනාව දරාගත නොහැකි වූ බවුමා ඊට පන්දුවාර 2 කට පසු ක්‍රීඩා ගාරය වෙත ගිය අතර පසුව ඔහුව ස්කෑන් පරීක්ෂණයකට යොමු කළේය. එම වාර්තාව අනුව ඔහුගේ අතේ අස්ථී බිඳීමක් සිදුව තිබෙන බව දැන ගැනීමට හැකිව තිබෙන බව එම මාධ්‍ය අංශ දැනුවත් කර සිටියි.

බවුමාගෙන් හිස්වන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නව නායකයා ලෙස වමත් දඟ පන්දු යවන කේෂව් මහරාජ්ව නම් කිරීමට එරට තේරීම් වලදී තීරණය වී තිබේ. දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය හෙට (04 වැනිදා) ප.ව. 2.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee