slc
Home   |    News
සැප්තැම්බර් 7, 2021
මහීෂ් තීක්ෂණට එක්දින වරම් – මංගල තරගය ඉතිහාසගත වෙයි

sinhala editor

තීරණාත්මක තෙවැනි එක්දින තරගයේ ජයග්‍රහණය සඳහා තීරණාත්මක සාධකයක් වන කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය සඳහා වෙනස් කම් 3 ක් සිදුකරමින් අවතීර්ණව සිටියි.

සිදුකරන ලද වෙනස්කම් අතර හිටපු නායක දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස් සහ මහීෂ් තීක්ෂණ කණ්ඩායමට ඇතුළත්ව සිටිති. මේ අතරින් මහීෂ් තීක්ෂණ අද තරගයේදී එක්දින ජාත්‍යන්තර වරම් දිනාගෙන සිටින්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනාගත් 202 වැනි ක්‍රීඩකයා බවට පත් වෙමිනි.

බොරැල්ල සුසුමයවර්ධන සහ සේදවත්ත සිද්ධාර්ථ යන විදුහල්වලින් ප්‍රාථමික ආධ්‍යාපන ලබා ඇති මහීෂ් පළමු පෙළ පාසල් තරග වාරයේදී කොටහේන ශාන්ත බෙනඩික් විදුහල නියෝජනය කර තිබේ. දක්ෂතා ඇති ක්‍රීඩකයින් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සකසා ඇති ගමන් මාර්ගය ඔස්සේ ජාතික කණ්ඩායමට පැමිණීමට  මහීෂ්ට අවස්ථාව උදා වී තිබේ.

සහභාගිවුණු පළමු තරග 2 දී 2ආරම්භක පිතිකරු මිනෝද් භානුකට සහ භානුක රාජපක්ෂට ලකුණු අතරට පැමිණීමට නොහැකිවීම මත ඔවුන්ගේ ස්ථාන දිනේෂ් චන්දිමාලට සහ කමිඳු මෙන්ඩිස්ට හිමිව තිබේ. පළමු තරග 2 දී ප්‍රහාරයකට ලක් වුණු අකිල ධනංජයගේ ස්ථානය සඳහා මහීෂ් තීක්ෂණ ආදේශ වී තිබේ. වසර 2000 න් උදාවීමෙන් මෙලෝ එළිය දැක ඇති ක්‍රීඩකයින් අතරින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් ලැබූ පළමු ක්‍රීඩකයා ලෙසින්ද මහීෂ් තීක්ෂණ ඉතිහාස ගත වෙයි. 2000 වසරේ අගෝස්තු 01 වැනිදා මෙලොව එළිය දුටු මහීෂ් මේ වන විට 21 වැනි වියේ පසුවෙයි.

ක්‍රීඩා දිවිය ආරම්භයේදී වේග පන්දු යවන්නකු ලෙසින් සිය ක්‍රිකට් ගමන ආරම්භ කළ මහීෂ් දඟ පන්දු යවන්නකු බවට පත් වන්නේ ඇතිවූ ආබාධිත තත්ත්වයක් හේතුවෙනි. අජන්ත මෙන්ඩිස්ව අනුකරණය කරමින් පන්දු යැවීමට දැඩි රුචියක් දක්වනු ලබන දකුණත් දඟ පන්දු යවන්නා, කැරම් පන්දුව ඇතුළු සුවිශේෂී වූ පන්දු කීපයක්ම යැවීමේ හැකියාවෙන් යුක්ත වේ.   

දකුණු අප්‍රිකානු පිල මෙම තරගය සඳහා කිසිදු වෙනස්කමකින් තොරව අවතීර්ණව සිටින අතර දෙවැනි තරගයේ දූ වළලුකර ආබාධයකට ගොදුරු වුණු කාගිසෝ රාබඩාද උදෑසන පැවැති යෝග්‍යතා පරීක්ෂණය සාර්ථකව අවසන් කර ගනිමින් අවසන් 11 දෙනා අතරට එක්වීමට සමත්ව සිටියි.

ශ්‍රී ලංකාව – 1. අවිෂ්ක ප්‍රනාන්දු, 2. දිනේෂ් චන්දිමාල්, 3. කමිඳු මෙන්ඩිස්, 4. ධනංජය ද සිල්වා, 5. චරිත් අසලංක, 6. දසුන් ශානක, 7. වනිඳු හසරංග, 8. චාමික කරුණාරත්න, 9. මහීෂ් තීක්ෂණ, 10. දුෂ්මන්ත චමීර, 11. ප්‍රවීන් ජයවික්‍රම.

දකුණු අප්‍රිකානු පිල – 1. ජෙනමන් මාලන්, 2. ඒඩියන් මාක්‍රම්, 3. රීසා හෙන්ඩ්‍රික්ස් 4. රාසි වැන්ඩර් ඩුසේන්, 5. හෙන්රිච් ක්ලාසන්, 6. වියාන් මල්ඩර් , 7. ඇන්ඩ්ල් පෙලුක්වායෝ, 8. කේෂව් මහරාජ් (නායක), 9. කාගිසෝ රාබඩා, 10. ජෝර්ජ් ලින්ඩේ, 11. ටබ්‍රෑස් ශම්සි.

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest