slc
logo
Home   |    News
සැප්තැම්බර් 12, 2021
ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා පිල නම් කරයි

sinhala editor

ඔක්තෝම්බර් මසදී ආරම්භවීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද කණ්ඩායමට මහීෂ් තීක්ෂණ සහ කමිඳු මෙන්ඩිස්ව ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්ව වන අතර අතිරේක ක්‍රීඩකයින් සිවු දෙනෙකුද ඇතුළත් කර තිබේ.

මහීෂ් තීක්ෂණගේ ඇතුළත්වීමත් සමඟ පිට දඟ පන්දු යවන අකිල ධනංජයට ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද 15 දෙනා අතරට ඇතුළත් කර නොමැති වුවද අතිරේක ක්‍රීඩකයින් සිවු දෙනා අතරට ඔහු ඇතුළත්ව සිටියි. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගයේදී ලකුණු 37 කට කඩුලු 4 ක් දවා ගනිමින් තේරීම් කමිටුවේ අවධානය දිනා ගැනීමට සමත්ව සිටින මහීෂ් තීක්ෂණට අමතරව වමත් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම සහ වනිඳු හසරංග සංචිතයට නම් කර තිබෙන ප්‍රධාන දඟ පන්දු යවන්නන් වෙති.

මේ අතර වේග පන්දු යවන්නන් අතරින් දුෂ්මන්ත චමීරගේ සහායට නුවන් ප්‍රදීප්ව කණ්ඩායමට එක් කරද්දී ක්‍රීඩකයින් ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කොට නම් කරන ලද පුහුණු සංචිතයට ඇතුළත්ව සිටි වමත් වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දුව අතිරේක ක්‍රීඩකයින් සිවු දෙනා අතරට නම් කර තිබේ. මීට අමතරව පල්ලකැලේ පැවැති ආරාධිත විස්සයි-20 තරගාවලියේදී වැඩි අවධානයක් දිනා ගත් තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මදුශංකවද නම් කරන ලද ක්‍රීඩකයින් 15 දෙනා අතරට ඇතුළත් වේ.

උරහිසේ ආබාධයකට ලක්ව සිටි කුසල් පෙරේරා සහ දිනේෂ් චන්දිමාල්ද ලෝක කුසලාන තරගාවලිය සඳහා වන කණ්ඩායමට ඇතුළත්ව සිටිති. පවතින කොවිඩ් 19 වෛරස් තත්ත්වය මත ලෝක කුසලාන කණ්ඩායමට නම් කරන ලද ක්‍රීඩකයන් 15 දෙනාට අමතරව අතිරේක ක්‍රීඩකයින් සිවු දෙනාටද සංචාරයට සහභාගිවීමේ අවස්ථාව හිමිවේ. ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය සහ පුලින තරංග අතිරේක ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.

නම් කරන ලද මෙම කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට පෙර ඕමානය සමඟ පැවැත්වෙන තරගාවලිය සඳහාද සහභාගිවනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම, ළහිරු මදුශංක, මහීෂ් තීක්ෂණ.

අතිරේක – ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, පුලින තරංග.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar