slc
logo
Home   |    News
සැප්තැම්බර් 12, 2021
ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි – ප්‍රවීන්ට විස්සයි-20 වරම්

sinhala editor

තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. තරගාවලිය ආරම්භ කරමින් පැවැති තරගය  ලකුණු 28 කින් ජය ගැනීමට සමත්වූ දකුණු අප්‍රිකාව තරගාවලිය 1-0 ක් ලෙස සිටිමින් මෙම තරගයට අවතීර්ණ වන බැවින් තරගාවලියේ තවදුරටත් අපරාජිත භාවය රැක ගැනීමට ශ්‍රී ලංකා පිලට අද තරගයේ ජය අනිවාර්යය වනු ඇත.

අද තරගයේදී ශ්‍රී ලංකා පිල වෙනස් කම් 2 ක් සිදුකරමින් තරගයට අවතීර්ණව සිටින අතර කුසල් පෙරේරා සහ ප්‍රවීන් ජයවික්‍රම අවසන් 11 දෙනා අතරට පිවිසි සිටිති. අවිෂ්ක ප්‍රනාන්දුගේ ස්ථානය සඳහා කුසල් පෙරේරා පැමිණ සිටින අතර අකිල ධනංජය වෙනුවට වමත් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම පැමිණ සිටියි. මෙය ප්‍රවීන්ගේ මංගල විස්සයි-20 තරගය වේ. මෙම තරගයට දකුණු අප්‍රිකානු පිල එකම වෙනස්කමක් හෙවත් ඩේවිඩ් මිලර් වෙනුවට වැන්ඩර් ඩසන් කැඳවමින් අවතීර්ණ ව සිටියි.

වමතික් දඟ පන්දු යවන ප්‍රවීන් බංග්ලාදේශයට එරෙහිව පල්ලකැලේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ප්‍රථමයෙන්ම ජාත්‍යන්තර වරම් දිනාගත් අතර අනතුරුව පැවැති එක්දින තරග 5 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. ටෙස්ට් කඩුලු 11 ක් සහ එක්දින කඩුලු 5 ක් දවා ගෙන සිටින ප්‍රවීන් කලුතර සිරිකුරස සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල්වලින් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබා තිබේ.

දකුණු අප්‍රිකාව – රීසා හෙන්ඩ්‍රික්ස්, කුවින්ටන් ඩි කොක්, ඒඩ්න් මාක්‍රම්, හෙන්රිච් ක්ලාසන්, ඩේවිඩ් මිලර්, ඩ්වයින් ප්‍රෙටෝරියස්, කේෂව් මහරාජ් (නායක), කාගිසෝ රාබඩා, ජෝර්න් ෆෝටුයින්, ඇන්රිච් නෝයේ, ටබ්‍රේස් ශම්සි. ශ්‍රී ලංකාව – කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest