slc
logo
Home   |    News
සැප්තැම්බර් 9, 2021
විස්සයි-20 තරග 2 කට ශ්‍රී ලංකාව ඕමාන් යයි

sinhala editor

2021 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙස ඕමානයට එරෙහිව විස්සයි-20 තරග දෙකකට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා විස්සයි-20 පිල ලන ඔක්තෝම්බර් 03 වැනිදා ඕමානය බලා පිටත්වනු ඇත.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා තෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ. එම තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව ඔක්තෝම්බර් 7 වැනිදා පළමු විස්සයි-20 තරගයටත් ඔක්තෝම්බර් 09 වැනිදා දෙවැනි විස්සයි-20 තරගයටත් සහභාගිවනු ඇත.

එම තරග 2 ට සහභාගිවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට නියමිත අතර ඊට පෙර අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ලබා දෙනු ලබන පුහුණු තරග දෙකකටද ඔක්තෝම්බර් 12 සහ 14 දෙදින ක්‍රීඩා කිරීමට නියමිතය.

“අපේ බලාපොරොත්තුව වී තිබෙන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර අපේ කණ්ඩායමට හැකි තරම් තරග ලබා දෙමින් සමාන තත්ත්වයන් යටතේ අත්දැදැකීම් ලබා දීමටයි” යැයි තරග සංචාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කරයි.

නැමීබියාවට එරෙහිව ඔක්තෝම්බර් 18 වැනිදා පැවැත්වීමට නියමිත තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ලෝක කුසලාන සටන අරඹන අතර 20 වැනි දින අයර්ලතයට එරෙහිව තරග වදිනු ඇත. මෙම තරග 2 ම අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තෙවැනි තරගය ඔක්තෝම්බර් 22 වැනිදා සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee