slc
logo
Home   |    News
සැප්තැම්බර් 9, 2021
විස්සයි-20 තරග 2 කට ශ්‍රී ලංකාව ඕමාන් යයි

sinhala editor

2021 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙස ඕමානයට එරෙහිව විස්සයි-20 තරග දෙකකට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා විස්සයි-20 පිල ලන ඔක්තෝම්බර් 03 වැනිදා ඕමානය බලා පිටත්වනු ඇත.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා තෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ. එම තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව ඔක්තෝම්බර් 7 වැනිදා පළමු විස්සයි-20 තරගයටත් ඔක්තෝම්බර් 09 වැනිදා දෙවැනි විස්සයි-20 තරගයටත් සහභාගිවනු ඇත.

එම තරග 2 ට සහභාගිවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට නියමිත අතර ඊට පෙර අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ලබා දෙනු ලබන පුහුණු තරග දෙකකටද ඔක්තෝම්බර් 12 සහ 14 දෙදින ක්‍රීඩා කිරීමට නියමිතය.

“අපේ බලාපොරොත්තුව වී තිබෙන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර අපේ කණ්ඩායමට හැකි තරම් තරග ලබා දෙමින් සමාන තත්ත්වයන් යටතේ අත්දැදැකීම් ලබා දීමටයි” යැයි තරග සංචාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කරයි.

නැමීබියාවට එරෙහිව ඔක්තෝම්බර් 18 වැනිදා පැවැත්වීමට නියමිත තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ලෝක කුසලාන සටන අරඹන අතර 20 වැනි දින අයර්ලතයට එරෙහිව තරග වදිනු ඇත. මෙම තරග 2 ම අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තෙවැනි තරගය ඔක්තෝම්බර් 22 වැනිදා සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee