slc
logo
Home   |    News
ඔක්තෝබර් 14, 2021
දෙවැනි පෙරහුරුවත් ශ්‍රී ලංකාව ලකුණු 38කින් ජය ගනියි

sinhala editor

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම් වීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දෙනු ලබන පුහුණු තරග අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි පුහුණුව බවට පත් වුණු පැපුවා නිව්ගිනියාවට එරෙහි තරගයෙන් ලකුණු 38 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14 දා) සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 162 ක ඉලක්කයක් හඹා ගිය පැපුවා නිව්ගිනියාවට ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ රැස් කර ගත හැකි වූයේ කඩුලු 7 ක් දැවී ලකුණු 124 ක් පමණි. ප්‍රතිවාදී පිතිකරුවන් අතරින් අසාද් වාලා ලකුණු 51 ක් ලබා හුදෙකලා සටනක නිරත වද්දී දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් බිඳ හෙළූහ. ඔවුන්ට අමතර නායක දසුන් ශානක, චාමික කරුණාරත්න සහ මහීෂ් තීක්ෂණ කඩුල්ල බැගින් දවා ගත්හ.

අබුඩාබිහි ටොලරන්ස් ඕවල් පිටියේ පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිල පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් රැස් කර ගත්තේය. පිතිකරුවන් අතර වැඩි බලාපොරොත්තුවක් බවට පත්ව සිටින අවිෂ්ක ප්‍රනාන්දු මේ තරගයේදීද සාර්ථක වෙමින් අර්ධ ශතකයක් රැස් කරගත්තේය.

ආරම්භක පිතිකරු ස්ථානයෙන් පන්දුවට පහර දුන් අවිෂ්ක අංක 4 පිතිකරුවාගේ වගකීම භාර ගත් දින සිට කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් සිටියි. පන්දු 37 කට මුහුණ දුන් අවිෂ්ක වේගවත් ලකුණු 61 ක් ලබා ගත්තේය. එම අගනා ඉනිම සඳහා ඔහු හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් එල්ල කළේය.

වේගයෙන් අවිෂ්ක ලකුණු රැස් කළද ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පැතුම් නිස්සංකය.

අවසන් ඉනිම කීපයේදීම ලකුණු අතර නොසිටි පැතුම් තේරීම් කමිටුවේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් අද තරගයේදී ලකුණු අතරට පැමිණියේ  ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි. අවිෂ්ක තරම් වේගයෙන් පැතුම් පන්දුවට පහර නොදුන්නද මුහුණ දුන් පන්දු 58 න් ලකුණු 76 ක් තම කණ්ඩායමට දායාද කළේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමඟින් ලකුණු රැස් කළ හුරුබුහුටි දකුණත් පිතිකරුවා ඉනිම ආරම්භයේ සිට 19 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී දැවී ගියේය. විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ ‘ඒ’ කාණ්ඩය නියෝජනය කිරීමට නියමිත ශ්‍රී ලංකාව එහි පළමු තරගය සඳහා ලබන 18 වැනිදා නැමීබියාවට එරෙහිව තරග වදිනු ඇත. එම තරග වටය යටතේ ශ්‍රී ලංකාව 20 වැනිදා අයර්ලන්තයට එරෙහිවද 22 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවද තරග වදිනු ඇත.

Active filters

Recent Posts

  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]
  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee