slc
logo
Home   |    News
ඔක්තෝබර් 22, 2021
ශ්‍රී ලංකාව හඹා යෑමට තීරණය කරයි

sinhala editor

අපරාජිත භාවය තවදුරටත් රැක ගනිමින් සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයට පිවිසීමට සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවන අවසන් තරගය වන නෙදර්ලන්තයට එරෙහි තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සාජා ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය වන්නේ මේ තරගය වේ.

සුපිරි කණ්ඩායම් අතර තරග වටයේදි ක්‍රීඩා කිරීමට නියමිත තරග 5 න් තරග 3 ක්ම පැවැත්වෙන්නේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. එබැවින් මෙහි රාත්‍රි කාලයේදී පන්දුව හැසිරෙන්නේ කෙසේද යන්න පැහැදිළි අදහසක් ලබා ගැනීම අරමුණු කොට කාසියේ වාසිය දිනුවද පළමුව පන්දු යැවීමට තීරණය කළ බව කාසියේ වාසිය උරගා බැලීමේදී නායක දසුන් සඳහන් කර සිටියේය.

“ඊළඟ තරග වටයේ අපිට තරග වැදීමට නියමිත තරග අතරින් තරග 3 ක්ම තියෙන්නේ මේ ක්‍රීඩාංගණයේ. ඒ නිසා අපිට මෙහි ලකුණු හඹා යෑමට හැකිවීම අවශ්‍යයි. කණ්ඩායම ගත්තහම එක් වෙනස්කමක් කරමින් චන්දිමාල් වෙනුවට චරිත් අසලංකව කණ්ඩායමට ඇවිල්ලා තියෙනවා. මේ තරගාවලියේදී අපේ ස්ථාවර භාවය වැදගත්. ඒ වගේම අපේ සියළුම සැලසුම් හරියාකාරව ක්‍රියාත්මක වීමත් ඉතා වැදගත්” යනුවෙන් දසුන් සඳහන් කර සිටියේය.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එක වෙනස්කමක් සිදුකරමින් අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් වෙනුවට චරිත් අසලංකව කැඳවමින් අවතීර්ණව සිටියි. මෙතෙක් පැවැති නැමීබියාවට එරෙහිව සහ අයර්ලන්තයට එරෙහිව පැවැති තරග වලවදී චන්දිමාල් ලබා ගත්තේ පිළිවෙළින් ලකුණු 5 ක් සහ 6 ක් පමණි.

මෙතෙක් සහභාගිවූ තරග 2 ම පරාජයට පත්ව සිටින නෙදර්ලන්ත කණ්ඩායම මෙම තරගය සඳහා වෙනස්කම් 3 ක් සමඟ අවතීර්ණව සිටියි.

ශ්‍රී ලංකාව – පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, චරිත් අසලංක, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ළහිරු කුමාර.

නෙදර්ලන්තය – මැක් ඕඩොව්, ස්ටීවන් මයිබෘ, බෙන් කූපර්, කොලින් ඇකර්මන්, බාස් ඩි ලීඩ්, ස්කොට් එඩ්වර්ඩ්, වැන්ඩර් මර්ව්, පීටර් සීලර් (නායක), ෆ්‍රෙඩ් ක්ලාසන්, වැන් මීකරන්, බ්‍රෙන්ඩන් ග්ලෝවර්.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar